Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධුර කාලය අවසන් කළ බංගලාදේශ මහ කොමසාරිස් අගමැති මහින්ද හමුවෙයි

සිය සේවා කාලය අවසන් කළ බංගලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) මුණ ගැසිණි.

සිවු වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස්වරයා ලෙස සේවය කළ හමිදුල්ලා මහතා සිය ධුර කාලය තුළ තමාට දැක්වූ සහයෝගය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා වෙත සිය කෘතඥතාව පළකර සිටියේය.

අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස කටයුතු කළ අවදියේ දී ශ්‍රී ලංකා බංගලාදේශ රාජ්‍ය සබඳතා ඉතා උසස් මට්ටමක පැවතුන බව එහි දී සිහිපත් කළ මහ කොමසාරිස් හමිදුල්ලා මහතා, වෙළෙඳ, කෘෂිකර්මාන්ත සහ ධීවර යන ක්ෂේත්‍ර ප්‍රමුඛකොට ගත් විවිධ අංශයන්හි දෙරට අතර පවතින සබඳතා ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා පළ කළේය.

මෙහිදී ශ්‍රී ලංකාවේ දී ඉටු කළ සේවය වෙනුවෙන් මහ කොමසාරිස්වරයා වෙත සිය ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන් දුරකථනයෙන් අමතා සුබපැතුම් එක් කිරීමට කටයුතු කළ බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය වෙත සිය ප්‍රශංසාව පුද කරන ලෙස ද දන්වා සිටියේය.

බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ වසර ආරම්භයේ දී සංවිධාන කරන්නට යෙදුණු මවු භාෂා දින වැඩසටහන අගය කළ අග්‍රාමාත්‍යවරයා එවැනි ක්‍රියා අඛණ්ඩව පවත්වාගෙන යන මෙන් ධුරයේ අලුතෙන් වැඩ භාර ගන්නා මහ කොමසාරිස්වරයාට ද දන්වන මෙන් ඉල්ලා සිටියේය.

බංගලාදේශයේ රාජ්‍ය සංචාරයක නිරත වන ලෙස බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා වෙනුවෙන් මහ කොමසාරිස්වරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආරාධනාවක් ද කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();