Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රත්ගම දේවපතිරාජ බාලිකාවෝ පිට පිට තෙවැනි වරටත් ශූරතාව දිනති

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සිංගර් ශ්‍රී ලංකා ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කළ අන්තර් පාසල් අවුරුදු 19න් පහළ බාලිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අඛණ්ඩව තෙවැනි වරටත් දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විදුහල සමත් විය.

වත්තල ලයිසියම් ජත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේදී දේවපතිරාජ පිල හමුවේ නුගේගොඩ අනුලා විදුහල ලකුණු 85කින් පරාජය පත්විය. අනුලා විදුහල් පිල මේ තරගාවලියේදී පිට පිට අනුශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව මෙයවන අතර එම අවස්ථා තුනේදීම දේවපතිරාජ පිල හමුවේ පරාජයට පත්වීම විශේෂත්වයකි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් දේවපතිරාජ පිල නියමිත ඕවර 30 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 189ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අනුලා බාලිකාවන්ට ඕවර 30 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 104ක් පමණි.

දේවපතිරාජ පිල වෙනුවෙන් සත්‍යා සංදීපනී ලකුණු 65ක් රැස් කිරීමට සමත්වූ අතර ඇය තරගයේ දක්ෂතම පිතිකාරිනිය මෙන්ම දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගත්තාය. පන්දු යැවීමේදී හර්ෂිතා මාධවී කඩුලු 3ක් දවාගත් අතර සිත්මි කෞමදී හා තරිණි හිරන්‍යා කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

හර්ෂිතා මාධවී ලකුණු 43ක් රැස්කරමින් අනුලා විදුහල් පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූවාය. පන්දු යැවීමේදී ටෙලීෂියා චතුරංගනී හා සචිනි නිසංසලා කඩුලු 2 බැගින් දවා ගත්හ.

තුන් ඉරියව් දස්කම් දැක්වූ අනුලා විද්‍යාලයේ හර්ෂිතා මාධවී තරගයේ දක්ෂතම පන්දු යවන්නිය සහ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනා ගැනීමට සමත් වූවාය.

මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විදුහල සහ මහනුවර සාන්ත අන්තෝනි බාලිකා විදුහල අතර පැවැති තරගයෙන් කඩුලු 7ක ජයක් අත්කර ගැනීමට රත්නාවලී බාලිකාවෝ සමත් වූහ.

දේවපතිරාජය විදුහල - 189/9යි. (ඕවර 30) සත්‍යා සංදීපනි 65, උමාෂ් තිමේෂානී 35, ශිකාරී නුවන්තා 29 (හර්ෂිතා මාධවී 30/3, සිත්මී කෞමදී 35/2, තරිණි හිරන්‍යා 44/2)

අනුලා විදුහල - 104/7යි. (ඕවර 30) හර්ෂිතා මාධවී 43, සිත්මී කෞමදී 29 (ටිලීෂියා චතුරංගනී 9/2, සචිනි නිසංසලා 19/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();