ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තහනම් උත්තේජක පරීක්ෂා කිරීමට අපේ රටේ ජාතික මර්දන නියෝජිතායතනයට බලය පවරන්න
ජාතික තහනම් උත්තේජක සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තහනම් උත්තේජක පරීක්ෂා අප රටේම ක්‍රියාත්මකවී තිබුණේ නම් පසුගියදා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට පත්වූ ජාතික ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ වැනි දක්ෂයෙකුගේ ඉරණම වෙනස්වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි. ඔහු මෑත කාලයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බව පැවැසෙන හෙයින් තහනම් උත්තේජක පරීක්ෂණයකින් එය සොයා ගැනීමේ හැකියාවත්, එයින් ක්‍රීඩකයා මුදවා, පුනරුත්ථාපනය කරගැනීමේ ක්රමානුකූල අවස්ථා විවර වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති“
ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම ක්‍රීඩාවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තහනම් උත්තේජක පරීක්ෂාව සිදු කිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට බලය තිබුණද ක්‍රිකට් ක්‍රීඩාවේදී පමණක් එම බලය ගිලිහී ඇතැයි එම ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තහනම් උත්තේජක පරීක්ෂා සියල්ල සැමවිටම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදුකරන හෙයින් එම බලය ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට ඉල්ලා මෙයට වසර 3කට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යොමුකළ ද තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි මහාචාර්යවරයා පැවැසීය.
“ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සිටින කොන්ත්‍රාත් ක්‍රීඩකයින්ගේ තහනම් උත්තේජන පරීක්ෂා අපේ ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට කරන්න බෑ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැමිණ අපේ වෛද්‍යවරු කිහිපදෙනකු මගින් පරීක්ෂණ කටයුතු කළත් එහි සියලු වගකීම් ඔවුන් ලබා ගන්නවා. සියල්ල සිදුවන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අවශ්‍ය විදිහට. අපේ ක්‍රීඩකයින් අහඹු ලෙස පරීක්ෂා කරන්න අපට අයිතියක් තිබිය යුතුයි. මේ අයිතිය ඉල්ලා අප ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපියක් යොමු කළත් තවම කිසිදු පිළිතුරක් නෑ. අපට මුදල් දී ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තහනම් උත්තේජක පරීක්ෂා කිරීමේ බලය දෙනවා නම් වඩාත් හොද ප්‍රතිඵලයක් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලැබෙනවා“ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවැසීය.
මෙවැනි අයිතියක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හරහා ඉන්දියාවේ තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයට ලබාදී ඇත. ඉන්දීය ක්‍රිකට් ආයතනය එරට ජාතික මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒජන්සිය යටතට පැමිණීමත් සමග කෙලින්ම ලෝක මත්ද්‍රව්‍ය නාශක විරෝධී ඒජන්සිය හා සම්බන්ධ වේ. එම තීරණයත් සමග ඉන්දියාවේ සියලුම ක්‍රීඩා සංගම්වලට අදාල තහනම් උත්තේජක පරීක්ෂණ ඉන්දියාවේ තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය යටතට පත්ව ක්‍රියාත්මක වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තහනම් උත්තේජක පරීක්ෂා අප රටේම ක්‍රියාත්මකවී තිබුණේ නම් පසුගියදා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට පත්වූ ජාතික ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ වැනි දක්ෂයෙකුගේ ඉරණම වෙනස්වීමට බොහෝ සෙයින් ඉඩ තිබිණි. ඔහු මෑත කාලයේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවකු බව පැවැසෙන හෙයින් තහනම් උත්තේජක පරීක්ෂණයකින් එය සොයා ගැනීමේ හැකියාවත්, එයින් ක්‍රීඩකයා මුදවා, පුනරුත්ථාපනය කරගැනීමේ ක්රමානුකූල අවස්ථා විවර වනු ඇතැයි ක්‍රිකට් විචාරකයෝ පවසති.
අත්අඩංගුවට පත්වූ ජාතික ක්‍රිකට් පිලේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුසංඛගේ වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇති අතර තාවකාලික ක්‍රිකට් තහනමක්ද මේ වනවිට පනවා ඇත. ඔහුට මාසිකව ලැබුණු කොන්ත්‍රාත් දීමනා හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පිරිනැමූ අනෙකුත් පහසුකම් සියල්ල අත්හිටුවා ඇති අතර ඉදිරියේදී විනය පරීක්ෂණයකටද මුහුණ දීමට සිදුව තිබේ.
ඉතා හොද බුද්ධි සේවයක් සමග ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය ක්‍රියාත්මකවන අතර එය පාර්ලිමේන්තු පනතකින් ශක්තිමත්ව ලෝක පැසසුමට ද ලක්ව තිබේ. පසුගිය 2019 වසරේ පමණක් ක්‍රීඩකයින් 159ක් හා ක්‍රීඩිකාවන් 101ක් ඇතුලු ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260ක් තහනම් උත්තේජන පරීක්ෂාවට ලක්කර ඇත. එම සියලු තහනම් උත්තේජක පරීක්ෂණ විදෙස් රසායනාගාරවල සිදුකර ඇති අතර වියදම රුපියල් මිලියන 11ක් පමණ වේ.
පූර්ව දැනුම්දීමකින් තොරව හදිසියේම කඩාවැදී ප්‍රධාන පෙළේ තරගාවලි 230කදී මෙම තහනම් උත්තේජන පරීක්ෂා සිදු කිරීමට ජාතික තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය කටයුතු කළ බව එම ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා ‘දිනමිණ‘ ට පැවැසීය. මෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක් තරග නොකරන අවස්ථාවේ තහනම් උත්තේජන පරීක්ෂාවට ලක්කිරීම විශේෂත්වයකි.
එයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජන සංඝටක තිබූ බවට තහවුරුවී ඇති අතර එක් අයෙකු තහනම් උත්තේජන පරීක්ෂා හිතා මතා මඟහැර පැනගොස් තිබිණි. එම ක්‍රීඩකයාට එරෙහිව පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර දැනට තාවකාලික තරග තහනමක් පනවා තිබේ.
0 Comments