සමඟි ජන බලවේගයට සටන ඇත්තේ ආණ්ඩුව සමඟ මිස එජාපය සමඟ නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය අද කුමන තීන්දු ගත්තත් සමඟි ජන බලවේගය බිහිවූයේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය මත බවද ඒ මහතා කීය.
අගමැති අපේක්ෂක ධූරය සජිත් ප්‍රේමාදාස මහතාට ලබාදීමට කටයුතු කළේ ද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතියක් මත බවත් එ බව රටේ එජාප පාක්ෂිකයින් හොඳින් දන්නා බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
සමඟි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මහ මැතිවරණයට තරඟ කරන්නේ මේ රටේ ආණ්ඩු බලය ගෙන ජනතාවට යහපත් හෙටක් නිර්මාණය කරන්නට බවත් ඒ සඳහා සටන ඇත්තේ ජනතාව මත අසීමිත ජීවන බරක් පටවමින් සිටින ආණ්ඩුව සමඟ මිස එජාපය සමඟ නොවන බවත් ඒ මහතා කීවේය.
0 Comments