ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර නිලන්ත කරසිංහආරච්චි සාක්කි දෙමින් කියයි
හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට අලි පැටවා ලබා දුන් බව කියන චන්ද්‍රරත්න යටවර යන අය ප්‍රශ්නගත අලි පැටවා වනජීවි දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබූ බව පිළිගන්නා බව එම කොමිසම හමුවේ පෙනි සිටිමින් සාක්කි ලබා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට විමර්ශන සිදු කළ අංශය වන විශේෂ විමර්ශන අංක 1 ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර නිලන්ත කරසිංහආරච්චි මහතා ඊයේ දේශපාලන පලි ගැනිම් සොයා බැලිම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේය.
තමන් එම අංශයට ස්ථාන මාරුවක් ලැබ පැමිණීයේ 2016.04.20 වන දින බවත් එවකට සිටි ස්ථානාධිපතිවරයා සිද්ධියට අදාළ විමර්ශන සිදු කර තිබූ උදෘත ගොනුව නීතිපතිවරයාට යවා තිබූ බවත් එමනීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් ප්‍රකාරව සැකකරුවන් අත්අංඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කළ බවත් කරසිංහආරච්චි මහතා කෙමිසම හමුවේ තවදුරටත් කියා සිටියේය.
තමන් මෙම සිදධිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොකළ බව කියා සිටි කරසිංහආරච්චි මහතා අලි පැටවුන් 55 සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාගෙන් පැමිණිල්ලක් ලැබුණූ බවත් එම පැමිණිල්ලට අදාළ අලි පැටවුන් 55 අතරින් 27 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කර නිතිපතිවරයාට යොමු කළද ඊට පිළිතුරු ලෙස උඩුවේ ධම්මාලෝක හිමියන්,තිලිණ ගමගේ සහ අලි රෝෂාන්ට අදාළ සිද්ධින් වලට පමණක් නීතිපති උපදෙස් ලැබුණු බවත් කොමිසම හමුවේ සාක්කි ලබා දෙමින් කරසිංහ ආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.
අමාත්‍යාංශයක ප්‍රධාන නිලධාරියා වන ලේකම්වරයා මෙම පැමිණිල්ල යොමු නොකිරිම දේශපාලන බලපෑමක් සිදු කිරිමක් ලෙස හැගි ගියේ නැද්දැයි එහිදි කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු උපාලි අබේරත්න මහතා සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් කරසිංහආරච්චි මහතා කෙමිසම හමුවේ කියා සිටියේ එසේ හැගීමක් කොමිසම හමුවේ ප්‍රශ්න කිරිමේදී හැඟී ගිය බව වන අතර මෙම සිද්ධියට අදාළ නීතිපතිවරයාගෙන් වරින් වර ලැබුණු වාචික උපදෙස් වලට අනුව පමණක් මෙම තිදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත් බවත් මෙහිදි කියා සිටියේය.
අලි පැටවකු ළග තබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ගේ වැඩ තහනම් කිරිම නිති විරෝධි බවට දේශපාලන පලි ගැනිම් සොයා බැලිම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව ඊයේ (28) සාක්කි ලබා දීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට විමර්ශන සිදු කළ අංශය වන විශේෂ විමර්ශන අංක 1 ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර නිලන්ත කරසිංහආරච්චි මහතා මෙම ප්‍රකාශය සිදු කළේය.
සාක්කි ලබා දීම ආරම්භ කරමින් කොමිසම හමුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර නිලන්ත කරසිංහආරච්චි මහතා මෙසේ ප්‍රකාශ කළේය.
මම අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව බැදුනේ 1999.12.02දා.අපරාධ කොට්ඨාසයේ මම විවධ අංශ වල රාජකාරි සිදු කර තිබෙනවා.2013.02.10 වනදා මම වාණිජ අපරාධ විමර්ශන අංශයේ අංක 01 ස්ථානාධිපතිවරය ලෙස සේවයට වාර්තා කළා.දැනට සේවය කරන්නේ එම දෙපාර්තමේන්තුවේ මහජන පැමිනිල් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසින් .මෙම සිද්ධියට අදාළ මුල් පැමිනිල්ල ලැබී තිබුනේ හිටපු ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය ඇමැති වසන්ත නරේෂ් පරාක්‍රම සේනනායක මහතා විසින් 2015.02.10 වනදායි.එම අවස්ථාවේ මම එම් අංශයේ සේවය කළේ නැහැ.මුලික විමර්ශන සිදු කර උදෘත නීතිපතිවරයාව යොමු කරලායි තිබුනේ.
විනිසුරුවරයා
ඔබ විමර්ශන සඳහා සහාය වූවාද
සාක්කිකරු
මම විමර්ශනය සඳහා සහාය වූයේ නැහැ.ඒ වනවිට විමර්ශන ආරම්භ කර තිබුණේ.2016.05.12 දින නිතිපතිවරයා මේ සම්බන්දයෙන් උපදෙස් ලබා දී තිබුණා.
විනිසුරුවරයා
මෙම සිද්දියට අදාළව අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ උදෘත ඇතුළත් ගොනුවක් තිබේද
සාක්කිකරු
නැහැ ස්වාමිනී
විනිසුරුවරයා
සටහන් කරන ලද සාක්කි ඔබ සතුව ඇති ගොනුවේ තිබේද
සාක්කිකරු
මෙම ගොනුව විමර්ශන නිලධාරියා වන සැරයන් විජේසිංහ නිලධාරියා සතු ගොනුවක්.එහි සටහන් කරන ලද සාක්කි පිටපත් නැහැ.
විනිසුරුවරයා
චන්ද්‍රරත්න යටවර යන අය අත්අඩංගුවට ගත් දිනයේ ඔහුගේ ප්‍රකාශ සටහන් කර තිබුණේද
සාක්කිකරු
ලේඛන නැහැ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න අපහසුයි.සියලු උදෘත නීතිපතිවරයා වෙත යොමු කළා.
විනිසුරුවරයා
නීතිපතිවරයාට උදෘත ගොනු යොමු කරන අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කර තිබුණේද
සාක්කිකරු
සටහන් කර තිබුණා ස්වාමිනි
විනිසුරුවරයා
නීතිපතිවරයාගේ උපදෙස් ලැබුනු පසු ප්‍රකාශයක් සටහන් කරගත් බවට අසත්‍ය සාක්කියක්ද ඔබ ලබා දුන්නේ
සාක්කිකරු
මතකයෙන් තමයි පිළිතුරු ලබා දුන්නේ
විනිසුරුවරයා
මතකයෙන් ප්‍රකාශය සටහන් කළ දිනය කියන්න පුළුවන්ද
සාක්කිකරු
දින මතක නැහැ ස්වාමිනි
විනිසුරුවරයා
නීතිපති උපදෙස් ලැබුණූ පසුව ලිපි ගොනු නැවත පරීක්ෂා කර බැලුවාද
සාක්කිකරු
නැත ස්වාමිනි
විනිසුරුවරයා
නීතිපතිවරයා උපදෙස් වල සඳහන් කර ඇති පරිදි අල්ලාගනු ලැබූ හෝ රැගෙන යමින් තිබු අලි පැටවකු බවට සොයා බැලුවාද
සාක්කිකරු
නැත ස්වාමිනි
විනිසුරුවරයා
සැකකරුවන් අත්අඩංගුවට ගන්න වාර්තා සකස් කළේ කොහොමද විමර්ශනයක් සිදු නොකර ලිපි ගොනු පරීක්ෂා නොකර
සාක්කිකරු
මේ අවස්ථාවේ එය කියන්න අපහසුයි.
විනිසුරුවරයා
මේ අලි පැටවා යටවර යන අයට ලැබුනේ කොහොමද
සාක්කිකරු
මතකයක් නැහැ
විනිසුරුවරයා
තමන් සතුව තිබෙන ගොනුවේ වාසියට තිබෙන ලේඛන පමණක්ද තියෙන්නේ
සාක්කිකරු
නැත ස්වාමිනි
විනිසුරුවරයා
මෙම සැකරුවන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණූ දක්වා සැකකරුවන් ඉදිරිපත් කළ තමන් එම වගකීමෙන් බැදෙන බව දන්නවාද
සාක්කිකරු
ඔව් ස්වාමිනි
විනිසුරුවරයා
අලි පැටවාගේ හිමිකාරිත්වය අලි පැටවා දුන් විදිය ප්‍රකාශ සටහන් කර තිබුනේද
ප්‍රකාශ සටහන් වුනේ නැහැ.
විනිසුරුවරයා අලි පැටවා ඉබේ පහළ වූණාද? යටවර යන අයට අලි පැටවා ඉපදුනාද කියාවත් සොයා බැලුවාද? කොහාමද අලි පැටවා යටවර යන අය ළගට ආවේ කියා විමසා බැලුවාද විමර්ශන තුළින්
සාක්කිකරු
සොයා බැලුවේ නැත ස්වාමිනි.මුල් විමර්හන මම සිදු කළේ නැහැ.නීතිපති උපදෙස් ප්‍රකාරව කටයුතු කළා.
විනිසුරුවරයා
තමන් අසත්‍ය කරුණූ වාර්තා කරන්නේ.මුලින් විමර්ශන සිදු කළේ නැහැ කියා කියන්න බැහැ.තමන් අධිකරණයට කරුණූ වාර්තා කළා.
සාක්කිකරු
එහෙමයි ස්වාමිනි
මෙහිදි පැමිණිල්ලේ නීතිඥවරයාද සාක්කිකරුගෙන් ප්‍රශ්න විමසා සිටි අතර එහිදි වනජීවි දෙපාර්තමේන්ට අයත් ගැසට් පතුයක් පෙනවා ප්‍රශන් කිරිම සිදු කළේය.
පැමිණිල්ලේ නිතිඥවරයා
අලි පැටව් 55 ක් සම්බන්ධයෙන් ලැබුනූ පැමිණීල්ලට අදාළව විමර්හණ කීයක් සිදු කළාද
සාක්කිකරු
ඉන් 27ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කළා.නීතිපතිවරයා වෙත උදෘත යොමු කළා.උඩුවේ ධම්මාලෝක හිමියන් තිලිණ ගමගේ අලි රෝෂාන් යන අයට අදාළ උපදෙස් ලැබුණා
පැමිණිල්ලේ නීතිඥවරයා
උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරහෙි නඩුවට කුමක්ද සිදු වුණේ
සාක්කිකරු
එම නඩුවේ සාක්කි ඔප්පු කිරිමට නොහැකි වීම හේතුවෙන් උඩුවේ ධම්මාලෝක හිමියන් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.
පැමිණිල්ලේ නිතිඥවරයා
ගංගාරාම විහාරස්ථානයේ සිටින අලි පැටවකු සම්බන්ධයෙන් විමර්ශන සිදු කළාද?එම උදෘත නීතිපතිවරයා යොමු කරනු ලැබුවාද
සාක්කිකරු
එම අලි පැටවාත් ව්‍යාජ ලේඛන බවට විමර්ශන තහවරු කළා.එම උදෘතත් නිතිපතිවරයාට යොමු කළා එහෙත් එම සිදධියට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවන ලෙසට නීතිපතිවරයා උපදසේ ලබා දුන්නා.
නීතිපතිවරයාට යොමු කළ උදෘත 27න් 3ක් සඳහා පමණක් ඵදෙස් ලැබී තිබුණා ඒ අනුව ක්‍රියාත්මක වුණා.
විනිසුරවරයා
ඇයි එම උදෘත සම්බන්ධයෙන් උපදෙසa ලැබුනේ නැත්තේ කියා සොයා බැලුවාද
නැත ස්වාමිනි
2015 ජනවාරි මස 08 වනදා ආරම්භ වී 2019 දෙනොවැම්බර් 16 වනදායින් අවසන් වූ කාලසීමාවේදී නිලතල දැරූ සේවකයන් හා සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදුව ඇතැයි කියන දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා දීම සඳහා වන දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර එහි සෙසු සාමජිකයන් ලෙස හිටපු අභියාචනාධිකරණ විනිසරු චන්ද්‍රා ජයතිලක හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරති.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ කැඳවන ලද අතර එහිදි පැමිණිල්ල වෙනුවෙන් නිතිඥ ධර්මතිලක ගමගේ මහතා සාක්කි මෙහෙයවීම සිදු කළේය.
මෙම සිද්ධීයේ හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාගේ සාක්කි සටහන් කරගත් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ විමර්ශන සිදු කළ අංශයේ සැරයන් විජේසිංහ මහතාට ලබන ජුනි 03 වනදා සාක්කි ලබා දීමට කොමිසම හමුවේ පෙනි සිටින ලෙස පෙර පරිදිම සිතාසියක් යොමු කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර සිටියේය.
දේශපාලන පලිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා දීම සඳහා වන දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිෂන් සභාව යලි ලබන ජුනි මස 03 වනදා පෙරවරු 10.00 රැස්වේ.
0 Comments