Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මුහුදේ අනතුරකින් මියගිය බේරුවල ධීවරයන් දෙදෙනාට වන්දි

Author(s): 
බුද්ධිකා ඉඹුලාන

පසුගිය දා බේරුවල ධීවර වරායෙන් ධීවර කටයුතු සදහා මුහුදු ගොස් සිටියදී අනතුරට පත්ව මියගිය ධීවරයන් දෙදෙනාට වන්දි මුදලක් ප්‍රදානය කිරීම පෙරේදා (27) ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝෂන් ජයසුරිය සහ ඇන්ටන් ප්‍රසන්න ප්‍රනාන්දු යන ධීවර කාර්මිකයන් මෙසේ මුහුදේදී අනතුරට පත්ව මිය ගිය අතර ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සදහා ජාතික ධීවර මහා සම්මේලනයේ අපදා අරමුදල මගින් මෙම වන්දි මුදල් ලබා දී ඇත.

එහිදී එම ධීවර පවුල්වල සාමාජිකයන් ඇමතූ ධීවර ඇමැතිවරයා පවසා සිටියේ මුහුදේදී අනතුරට පත්ව මිය ගිය එම ධීවර කාර්මිකයන් දෙදෙනාගේ පවුල්වල අයට ධීවර අමාත්‍යාංශය මගින් ලබාදිය හැකි උපරිම සහන ලබා දීමට කටයුතු කරන බවයි. මේ කණගාටුදායක පුවත ජනාධිපතිවරයා හාඅගමැති වරයා වෙත දැනුම් දුන් වහාම ඒ පිළිබද තමන්ට උපදෙස් ලබා දීමට සිදුකළ බවද එ හිදී දේවානන්දා මහතා පවසන ලදි.

ඒ අනුව ධීවර අමාත්‍යාංශය හා ධීවර දෙපාර්තමේන්තුව මගින් මෙම ධීවර පවුල් දෙකට ලබාදිය හැකි සහන පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමිය සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවධානය යොමු කර තිබෙනවා. මේ සහන පිළිබඳ අමාත්‍යාංශ ලේකම්තුමිය සහ ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවධානය යොමු කර තිබෙනවා. මේ සහන ලබා දිය හැකි යෝජනාවන් අඩංගු කැබිනට් පත්‍රිකාවක් දැනටමත් සකස් කෙරෙමින් තිබෙනවා.

එයට අමතරව ජාතික ධීවර මහා සම්මේලනයේ ආපදා අරමුදලෙන් එක් පවුලකට රුපියල් 50000/- බැගින් ප්‍රදානයන් ලබාදිය හැකි බව එහි මහලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා මා හට දැනුම් දුන්නා. මියගිය මෙම ධීවරයන්ගේ වටිනාකම මෙයින් තක්සේරුවන්නේ නැහැ. එහෙත් මේ පවුල්වල අධ්‍යාපනය ලබන දු දරුවන්ගේ මුලික අවශ්‍යතා වෙනුවෙන් එය පිළිගන්නා ලෙස මා ඉල්ලීමක් කරනවා. ඉදිරියේදී ධීවර දෙපාර්තමේන්තුව මගින් මේ පවුල්වලට ලබා දිය හැකි ප්‍රදාන, ජාතික ධීවර මහා සම්මේලනය මගින් කළ හැකි අධාර උපකාර හිමිවෙනවා ඇත.

මෙම අවස්ථාව සදහා බද්දේගම සමිත හිමි, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර දෙපාර්තමේන්තුවේ ධීවර අධ්‍යක්ෂක එස්.ජේ. කහවත්ත මහතා, ධීවර ජාතික මහා සම්මේලනයේ ලේකම් නෙල්සන් එදිරිසිංහ, කලුතර සහකාර අධ්‍යක්ෂක ගාමිණී ලියනගේ, ජාතික ධීවර සම්මේලනයේ අධ්‍යක්ෂ දයානන්ද සිල්වා හා ජෝසප් පීටර් ප්‍රනාන්දු, ධීවර සමමේලනයේ ජාතික සංවිධායක චන්ද්‍රා පුනාන්දු, ධීවර සම්මේලනයේ කොළඹ දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් අසංක ප්‍රනාන්දු, කලුතර ප්‍රාදේශීය ධීවර පරීක්ෂක නිමල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();