පොලිස් පරීක්ෂක සාගර නිලන්ත කරසිංහආරච්චි
හිටපු ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව අලි පැටව් 27 දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලට අදාළ උදෘත නීතිපතිවරයාට යොමු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට විමර්ශන සිදු කළ අංශය වන විශේෂ විමර්ශන අංක 1 ව්‍යාජ මුදල් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර නිලන්ත කරසිංහආරච්චි මහතා කියා සිටියේ ය.
නීතිපතිවරයා උපදෙස් දෙනු ලැබුවේ උඩුවේ ධම්මාලෝක හිමි, හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සහ අලි රෝෂාන්ට අදාළ සිද්ධීන්වලට පමණක් දැයි ද දේශපාලන පළි ගැනිම් සොයා බැලිමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හෙතෙම පැවැසීය.
තමන් මෙම සිදධිය සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොකළ බව කියා සිටි ඒ මහතා තමන් පැමිණීමට පෙර එම ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනවලට අදාළ උදෘත ගොනු නිතිපතිවරයාට යොමු කිරීම පමණක් තමා සිදු කළ බව ද කරසිංහආරච්චි මහතා කියා සිටියේය.
හිටපු ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගෙන් 2015.02.10 අලි පැටවුන් 55 ට අදාළව ලැබුණු පැමිණීල්ලක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර තිබු බව කොමිසම හමුවේ පෙන්වා දුන් ඒ මහතා තමන් 2013.02.10 එම අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස පත්වීම ලැබ පැමිණිය ද සිදු කර තිබු විමර්ශන මිස කිසිදු විමර්ශනයක් ඉන් අනතුරුව සිදු නොකළ බවත් පෙන්වා දුන්නේ ය.
අමාත්‍යාංශයක ප්‍රධාන නිලධාරියා වන ලේකම්වරයා මෙම පැමිණිල්ල යොමු නොකිරිම දේශපාලන බලපෑමක් සිදු කිරිමක් ලෙස හැඟී ගියේ නැද්දැයි එහි දි කොමිසමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසරු උපාලි අබේරත්න මහතා සිදු කළ විමසීමකට පිළිතුරු දෙමින් කරසිංහආරච්චි මහතා කියා සිටියේ එසේ හැඟීමක් කොමිසම හමුවේ ප්‍රශ්න කිරිමේ දී හැගී ගිය බවයි.
මෙම සිද්ධියට අදාළ ව නිතිපතිවරයාගෙන් වරින් වර ලැබුණු වාචික උපදෙස් වලට අනුව පමණක් මෙම තිදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගත් බවත් මෙහි දි කියා සිටියේ ය.
0 Comments