දින ගණනාවකට පසු හෙට (11 වැනිදා) රට විවෘත කිරීමෙන් අනතුරුව කිසිවෙකු කඩා බිඳගෙන කඩ සාප්පු ගානේ හෝ පාරේ දුවන්න ලෑස්ති නොවන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පැවසුවාය.
මේ වන විට කොරෝනා වෛරස වසංගත තත්වය පැතිරීම සැලකිය යුතු ආකාරයකට පාලනය කර ඇතත් එය මුළුමනින්ම පාලනය කිරීමේ වගකීම ඇත්තේ රටේ ජනතාව අත යැයි ඇය කීවාය. පවත්නා අතත්වය ආරක්ෂා කිරීමටත් පාලනය කිරීමටත් ජනතාවගේ ස්වයං විනය අත්‍යවශ්‍ය යැයි ද ය පැවසුවාය.
සිහිකල්පනාවෙන්, තමන් ගැන පමණක් නොසිතා සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතුව ඇති බවත් එසේ වුවහොත් මෙම කොරෝනා වෛරස් තත්වයෙන් මිදීමට ඉතා ඉක්මනින් හැකිවනු ඇතියයි ඇය කියා සිටියාය. වෛරසයේ පොකුරු ආසාදිතයන් අවසන් සති කිහිපය තුළ හමු වී නැති අතර අවසන් පොකුරු ලෙස වාර්තා වූයේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වූ ආසාදිත පොකුර බවයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසන්නේ. ඔවුන් සහ ඔවුන්ගේ පවුල් හී සියල්ලන් මෙන්ම ඔවුන් ආශ්රිත සියලූ දෙනාගේ පරීක්ෂණ කටයුතු මේ වන විට සිදු කර අවසන් ව ඇති බවයි විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසා සිටියේ.
The post සඳුදා පාරේ දුවන්න එපා appeared first on Lanka News Column.
0 Comments