Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රාජිතගේ ඇප නියෝගය අවලංගු කරයි

ආන්දෝලනාත්මක “සුදු වෑන් මාධ්‍ය හමුව” සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය අද (13) කොළඹ මහාධිකරණය අවලංගු කළේය. 
 
නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව ලබා දෙමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නියෝගය නිකුත් කරන ලදි.
 
ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් සුදුසු ඉදිරි පියවර ගැනීම මහේස්ත්‍රාත් අධිකරණය සිදුකළ යුතු බවට ද මහාධිකරණය තීන්දු කළේය.
 
හිටපු අමාත්‍යවරයාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝගය දෙනු ලැබුවේ ඉකුත් දෙසැම්බර් 30 වෙනිදා ය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();