කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට අත්හිටුවා ඇති එක්දින හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවාව වෙනුවෙන් හදිසි හැඳුනුම්පත් කඩිනමින් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ස්ථාපිත කර ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ෙදපාර්තමේන්තුව සදහන් කරයි.
ඒ අනුව විභාග කටයුතු, සම්මුඛ පරීක්ෂණ කටයුතු, බලපත් ලබා ගැනීම, විදෙස් ගමන් බලපත් ලබා ගැනීම යනාදී අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් ජාතික හැඳුනුම්පත කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය සේවාලාභීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා මේ වන විට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.
එම ඉල්ලුම්කරුවන්ගේ අවශ්‍යතාවය ග්‍රාම නිලධාරී මඟින් තහවුරු කර, ඔවුන්ගේ ඉල්ලුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැඳුනුම්පත් අංශයට යොමු කළ යුතුය.
එලෙස යොමු කරන ඉල්ලුම්පත් එම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරීන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියට ඇතුළත් කරන අතර ඊට අදාළ හැඳුනුම්පත් කඩිනමින් සකස් කර ලියාපදිංචි තැපෑලෙන් අදාළ ඉල්ලුම්කරුවන් වෙත යොමු කිරීමට කටයුතු කර ඇත.
තවද, මාර්තු 16ට පෙර එක්දින සේවය යටතේ හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත් සූදානම් කර ගත් සියලුම ඉල්ලුම්කරුවන් ද තම ඉල්ලුම්පත් තවදුරටත් තමා භාරයේ තබා ගෙන නොසිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිහිටි හැඳුනුම්පත් අංශයට එම ඉල්ලුම්පත් යොමු කළ යුතුය.
මීට අමතරව සාමාන්‍ය සේවය යටතේ යොමු කරන ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී මඟින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ හැකි අතර, ඊට අදාළ ජාතික හැඳුනුම්පත් ද අවම කාලයක් තුළ කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇත.
එමෙන්ම සෑම වසරකම මෙන්ම මෙම වසරේ ද මාර්තු මස 31 වන දිනට පෙර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් සිසුන්ගේ ඉල්ලුම්පත් යොමු කරන ලෙස දැනුම් දී තිබුණ ද, මෙතෙක් එම ඉල්ලුම්පත් යොමු කර නොමැති සියලුම පාලස් එම ඉල්ලුම්පත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, පළාත් කාර්යාලයට හෝ ප්‍රධාන කාර්යාලයට කඩිනමින් යොමු කළ යුතුය.
0 Comments