Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදුලිබිල මාර්තු අප්‍රේල් වෙන් වෙන්ව

සෑම විදුලි පාරිභෝගිකයෙක් සඳහාම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වෙන් වෙන් වශයෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට විදුලි බල බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඊයේ (13)උපදෙස් ලබා දී තිබේ. එහෙත් සමහර ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයන් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මඟින් මෙවන් විටත් තනි බිල්පතක් මාර්තු, අප්‍රේල් මාස දෙක සඳහා නිකුත් කර ඇති බව වාර්තා වන අතර එම තත්ත්වය වහාම නිවැරදි කිරීමටයි අමාත්‍යවරයා විසින් ලංකා විදුලි බල මණ්ඩලයට හා ලංකා විදුලි සමාගමට උපදෙස් ලබා දී තිබෙන්නේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඇඳිරි නීතිය පැවැති මාර්තු හා අප්‍රේල් මාසවලට විදුලි බිල්පත් නිකුත් කිරීමේ දී ඇතැම් ස්ථානවල මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සම්බන්ධයෙන් ඇමතිවරයාගේ අවධානයට ලක්ව තිබේ.

පසුගිය මාර්තු 20 වන දින සිට උද්ගත වූ තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් සඳහා මාර්තු සහ අප්‍රේල් මාසවලට අදාලව විදුලි බිල්පත් නිකුත් කිරීම නතර විය. මේවන විට නැවතත් විදුලි පාරිභෝගිකයන් සඳහා බිල්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ.

මෙම මාස 2ට ම අදාල විදුලි බිල්පත් සඳහා ගාස්තු පියවීමට සාමාන්‍ය පරිදි විදුලි පාරිභෝගිකයන්හට මාසයක කාල සීමාවක් ලබාදී ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවැති  කාලය තුළ ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායම විශාල ලෙස පහත වැටී ඇති හෙයින් විදුලි බල මණ්ඩලයේ හා ලංකා විදුලි සමාගමේ මුල්‍ය තත්ත්වය පවත්වාගෙන යෑමේ අභියෝගකාරී තත්ත්වය තුළ වුවත් විදුලි පාරිභෝගිකයන්ගේ පහසුව සලකා මෙම පියවර ගන්නා ලද බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

The post විදුලිබිල මාර්තු අප්‍රේල් වෙන් වෙන්ව appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();