Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඊයේ 26 දෙනාම නාවික හමුදා

ඊයේ(13) රාත්‍රී 11.45 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව ඊයේ දවස අවසානයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 915කි. එම පිරිසත් සමඟ රෝහල්ගතව‍ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන මුළු සංඛ්‍යාව 524 කි.

ඊයේ(13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බවයි සඳහන් වන්නේ.

මේ වන විට මෙරටින් හඳුනා ගෙන ඇති වෛරස් ආසාදිතයින්ගෙන්  498(54.4%) දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවන්ට අනුව මේවන විට 382 දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ති‍බේ. කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට සැකපිට තවත්  පුද්ගලයින් 105 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

තහවුරු වි ඇති කොවිඩ් නයින්ටීන් වෛරස් ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 150කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෛරස ආසාදිතයින් 36 දෙනෙකු හඳුනා ගෙන ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 34 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

ඒ සමඟම නිරෝධායන මධ්‍යස්ථානවලින් වෛරස් ආසාදිතයින් 66 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇත. විදෙස් රටවල සිට පැමිණ නිරෝධායනය වු පුද්ගලයින් 45 දෙනෙකුටද වෛරසය ආසාදනය වි ඇති බවයි වාර්තා වන්නේ.

The post ඊයේ 26 දෙනාම නාවික හමුදා appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();