අදියර කිහිපයක් යටතේ හෝ පාසල් විවෘත කිරීම පිළිබඳව සාකච්ඡා කර ලබන සතියේ දී තීරණයක් ගතහැකි බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
ඒ අනුව පාසල් විවෘත කරන දිනය ලබන සතියේ තීන්දු කළ හැකි වනු ඇති බවයි ඔහු විශ්වාස කරන්නේ.
කෙසේ වෙතත් කුඩා දරුවන් පාසල් ගෙන ඒමට තිරණයක් නොමැති බවත්, පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගනිමින්, සියලු පාසල් විෂවීජහරණය කිරීමටද කටයුතු සුදානම් කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණයන මත බොහෝ විට පාසල් කාලසටන් වෙනස් කිරීමට සිදුවෙනු ඇතැයි ද කියා ඔහු සිටියේය.
පාසල් විවෘත කිරීමේ පළමු අදියර යටතේ උසස් පෙළ පංති විවෘත කර අනතුරුව දෙවන අදියර ලෙස සාමාන්‍ය පෙළ දරුවන් පාසල් වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසා සිටියේ. ඉන් අනතුරුව ක්‍රමයෙන් ප්‍රාථමික අංශ කෙරෙහි අවධානය යොමු කරන බව ඔහු පැවසීය.
The post පාසල් ගැන තීරණය ලබන සතියේ appeared first on Lanka News Column.
0 Comments