Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ධවල මන්දිරයේ තවත් අයෙකු ආසාදිතයි

ඇමරිකාවේ උප ජනාධිපතිවරයා වන මයික් පෙන්ස්ගේ ඉහළ පෙළේ සහායකයෙකු සේ සැළකෙන මාධ්‍ය ලේකම් කැටී මිලර්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. මීට අමතරව ධවල මන්දිර කාර්යමණ්ඩලයේ වෙනත් සාමාජිකයෙකුටත් කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන් මේ බව අනාවරණය වී තිබේ.

ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා ඇතුළු ධවල මන්දිර කාර්යමණ්ඩලය දිනපතා පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බවත් ට්‍රම්ප් සහ පෙන්ස් දෙදෙනා ආරක්ෂා කිරීම සඳහා සෑම පූර්වෝපායක්ම ගන්නා බවත් ධවල මන්දිරය ප්‍රකාශකයෝ පවසති.

මේ තත්වයන් පවතිද්දීත් ඇමරිකාවේ ප්‍රාන්ත නැවත විවෘත කිරීමට පටන් ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මේ ආකාරයට ධවල මන්දිරය තුළ වයිරසය ව්‍යාප්ත වීමේ හැකියාව සම්බන්ධව විමසූ විට ට්‍රම්ප් ජනාධිපතිවරයා පවසා ඇත්තේ කළ හැකි එකම දෙය වන්නේ උපරිමයෙන් පූර්ව ආරක්ෂාව සලසා ගැනීම පමණක් බවයි. එසේ වුවද ට්‍රම්ප් මහතා පවසන්නේ පරීක්ෂණ කිරීම එකම විසඳුම නොවන බවයි.

මීට පෙර ට්‍රම්ප්ගේ ආහාර අංශයේ කටයුතු කරන නාවුක හමුදා සාමාජිකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබිණි.

The post ධවල මන්දිරයේ තවත් අයෙකු ආසාදිතයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();