මිට පෙර එළඹෙන 11 වැනි සඳුදා දින පටන් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කර තිබුණ ද අධ්‍යයන කටයුතු සිදු කිරීමක් හෝ නේවාසිකාගාර විවෘත කිරීමක් සිදුනොවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ විෂබීජහරණ කටයුතු සඳහා අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් තෝරාගත් පිරිසකට පමණක් එදිනට විශ්වවිද්‍යාල වෙත පැමිණීමට මේවන විටත් දැනුම් දී ඇති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දෙන උපදෙස් මත කටයුතු කිරීමට සිදුවන හෙයින් ශිෂ්‍ය දුරස්ථභාවය පවත්වා ගත නොහැකි වන නිසා කිසිසේත් විශ්වවිද්‍යාල අධ්‍යන කටටුතු පැරණි ක්‍රමයට ආරම්භ කිරීමට බලාපොරොත්තුවක් නොමැති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ තමන් නිතරම තීන්දු ගනු ලබන්නේ දරුවන්ගේ ජිවිතවලට ආරක්ෂාව ඇති බවට තහවුරු වු විට බවයි.
The post විශ්ව විද්‍යාල, අනධ්‍යන කාර්ය මණ්ඩලයට පමණයි appeared first on Lanka News Column.
0 Comments