හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(14) පැය 5ක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. පස්වරු 1.45 ට ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ලැබූ පසු මෙලෙස පැය පහක කාලයක් ප්‍රකාශ ලබාදී තිබුණි..
පුත්තලමේ අවතැන් වු ජනතාවට පසුගිය ජනාධිපතිවරණ සමයේ ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා බස් රථ 22 න් පුත්තලමේ සිට මන්නාරම දක්වා රැගෙන යාමට රුපියල් ලක්ෂ 95 ක් රජයේ මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කර ඇත.
එම මුදල් අවභාවිතාවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගෙන් ද මීට ඉහතදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන තිබුණි.
The post මංගල පැය 5ක් CID appeared first on Lanka News Column.
0 Comments