Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වෛරසය අප අතරම තියේවි – WHO

කොරෝනා වෛරසය තව දුරටත් අප අතරම රැදී පවතී වී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් කළේය. ඒ නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව නන්දෙසින් වාර්තා වන මරණ ගණන 300,000කට ළඟා වෙමින් තිබෙන අවස්ථාවකයි.

‘‘නව කොරෝනා වෛරසයත් සෙසු වෛරස් වගේම අප අතර තියේවි. ඒ නිසි අපි කොරෝනා වෛරසය සමඟ ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනෑ’’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ආපදා කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවැසීය. ඔහු මේ බව පැවසුවේ ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දෛනිකව පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එන්නතක් සොයා ගත්ත ද මේ වෛරසය පාලනය කිරීමට විශාල උත්සාහයන් අඛණ්ඩව ගත යුතුව ඇති බව ඔහු එහිදී සඳහන් කර තිබේ.

“මේ වෛරසය තවදුරටත් අපේ සමාජයේ ආවේණික වෛරසයක් ආකාරයටම තියේවි. එය කවදාවත් නැතිවන්නේ නැති බවත් අප තේරුම්ගත යුතු යැයි” ද ඔහු කීවේය. මේ බව තවදුරටත් පැහැදිලි කරමින් අධ්‍යක්ෂ වෛද්‍ය මයිකල් රයන් පැවැසුවේ HIV වෛරසය තවමත් අප සමාජයෙන් ඉවත් වී නොමැති බවත් එහෙත් අප HIV වෛරසය සමඟ කටයුතු කිරීමට හැඩගැසී සිටින ආකාරයටම කොරෝනා වෛරසය සමඟත් කටයුතු කිරීමට සිදුවන බවය.

The post වෛරසය අප අතරම තියේවි – WHO appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();