පැය 05කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසුව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ.
ඔහුගෙන් මෙලෙස ප්‍රකාශ ලබාගත්තේ ජනාධිපතිවරණයේදී ලංගම බස් රථ මගින් ඡන්ද දායකයින් ප්‍රවාහනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
හිටපු අමාත්‍යවරයා පස්වරු 2.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.
මේ සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
0 Comments