Ticker

6/recent/ticker-posts

Header Ads Widget

25 වෙනතුරු සාමාන්‍ය මගීන්ට අවස්ථාව නැහැ

සාමාන්‍ය මගී ප‍්‍රවාහනය කිරීම සඳහා පොදු ප‍්‍රවාහනය අද (11 වැනිදා) සිට ඉදිරි දෙසතිය තුළ යොදා නොගන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් ප‍්‍රවාහන ඇමැති මහින්ද අමරවීරට ලිඛිතවම දන්වා තිබේ. ඒ අනුව ලබන 25 වැනිදා තෙක් සාමාන්‍ය මගීන් සඳහා පොදු ප‍්‍රවාහන සේවා ක‍්‍රියාත්මක නොකෙරේ.

මෙම දැනුම් දීමට අනුව ලංගම බස් රථ හා දුම්රිය මගින් ප‍්‍රවාහන පහසුකම් අද 11 වැනිදා සිට 25 වැනිදා දක්වා සපයනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවා සඳහා වාර්තා කරන සේවකයින් සඳහා පමණක්ම බවයි ප‍්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනුයේ. කෙසේ වෙතත් මෙම ප‍්‍රවාහන පහසුකම් සපයා ගන්නා සියලූ‍ දෙනා සෞඛ්‍ය අංශය විසින් ලබා දී ඇති උපදෙස් පිළිපැදිය යුතු අතර මුඛ ආවරණ පැළඳීම, සමාජ දුරස්ථකරණය පවත්වාගෙන යෑම අනිවාර්ය බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

The post 25 වෙනතුරු සාමාන්‍ය මගීන්ට අවස්ථාව නැහැ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();