දින 17 ක කාලය තුළදී කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පමණක් පී.සී.ආර්. පරීක්ෂණ 2500 ක් සිදුකර ඇතැයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය දිනූකා ගුරුගේ පවසන්නීය.
එම පරීක්ෂණ හේතුවෙන් කොරෝනා ආසාදිත රෝගීහූ 64 දෙනකු සොයාගත් බව ද ඇය පැවසුවාය. මෙම දිනවල අහඹු ලෙස තෝරාගන්නා පුද්ගලයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවද ඇය කියා සිටියාය.
පසුගිය දිනවලදී දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 60 ක් පමණ සිදුකළ බවත්, එය මේ වනවිට සිදුකරන්නේ දිනකට පී.සී.ආර්. පරීක්ෂණ 40ක් පමණක් බවත් ඇය පවසයි.
The post දවස් 17ට පරීක්ෂණ 2500 ක් appeared first on Lanka News Column.
0 Comments