විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත්වල වැඩි ගාස්තුවක් සටහන් කිරීම විදුලිබල මණ්ඩලයේ අත්වැරදීමකින් සිදු වූවක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
එම වැරද්ද වහාම නිවැරැදි කර යලිත් නිවැරැදි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදෙන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබා දී ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මාස දෙකක විදුලි ගාස්තු ලෙස වැඩි මිල ගණන් සඳහන් කරමින් ඇතැම් ප්‍රදේශවල විදුලි පාරිභෝගිකයින්ට බිල්පත් ලැබී ඇති බවට තොරතුරු ලැබී තිබුණි.
අමාත්‍යාංශය සඳහන් කරනුයේ ඒ පිළිබඳව සිදු කළ සොයා බැලීමක දී අනාවරණය වී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ ‘අතපසුවිමක්’ හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ඒ අනුව එය වහාම සකස් කර නිවැරැදි විදුලි බිල්පත් පාරිභෝගිකයින් වෙත ලබාදීමේදී කිසිඳු අමතර ගාස්තුවකින් තොරව විදුලි බිල්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස ද මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහිදී නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
The post විදුලි බිලේ වැරද්දක් appeared first on Lanka News Column.
0 Comments