ජනවාරි 24 වැනිදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඇසූ ප්‍රශ්නය හා එයට ඇමැතිවරයා දුන් පිළිතුරයි
අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රශ්නය- වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත යටතේ 2008 නෛතික වශයෙන් ස්ථාපිත කරන ලද විශ්වවිද්‍යාල විද්‍යායතන (University College) නමින් වන උසස් අධ්‍යාපන ආයතන 06ක් වෙනුවෙන් 2014 වසරේ ඔක්තෝම්බර් මස ඒවකට ආණ්ඩුව විසින් සිසුන් ඇතුළත් කරගනු ලැබුවා. මෙහිදී ඔවුන්ට දෙන ලද අපේක්ෂාව වූයේ පාඨමාලාව අවසානයේ දී ඔවුන්ට උපාධියක් ලබා ගැනීමට හැකියාව ඇති බවයි. කේසේ වුව ද 2015 ආණ්ඩු මාරුවත් සමඟ මෙම පාඨමාලාව සම්බන්ධව වෙනත් පිළිවෙතක් අනුගමනය කළා. ඒ අනුව ඒම සිසුන්ට හිමිවූයේ උපාධියක් නොව ඩිප්ලෝමා සහතිකයක් බව ප්‍රකාශ වුණා. ඒසේ ම ඒම සිසුන්ට ශිෂ්‍යාධාර පහසුකම් හා නේවාසිකාගාර පහසුකම් අහිමි වෙලා. විද්‍යාගාර පහසුකම් කප්පාදු කෙරෙනවා. මේ අනුව උපාධියක් ලබාගත හැකි බවට ඔවුන්ට ලබා දී තිබු බලාපොරොත්තුව බරපතළ ලෙස කඩවීමක් සිදු වුණා. වර්තමාන ආණ්ඩුව මෙම විශ්වවිදයාල විද්‍යායතන 06ට අදාළ අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම වෙනුවට ඒවා වසා දැමීමට සූදානමක් වන බවට තොරතුරක් තිබෙනවා. මම දන්නෑ කොහොමද කියලා. ඒ 06 වසා දමන බවට තොරතුරක් තියෙන්නේ. මේ නිසා ඒ දරුවන් බරපතළ ලෙස මේ සිසුන්ට උපාධියක් ලබා ගැනීමට හැකිවෙන පරිදි පහසුකම් තිබෙනව ද? ඒම ආයතන වසන්නට තීරණයක් ආණ්ඩුව අරන් තියෙනව ද? ආණ්ඩුවේ තීරණය මොකක්ද?
විශ්වවිද්‍යාල විද්‍යායතනවල අනාගතය සුරක්ෂිත කිරීමට ආණ්ඩුව සතු වැඩපිළිවෙළ මොකක්ද?
පිළිතුර- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා
ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ආරම්භ කළ විශ්වවිද්‍යාල විද්‍යායතන 06හි සිසුන් සුරක්ෂිත කොට පෝෂණය කොට අවශ්‍ය සියලු ම උසස් තත්වය ලබාදීම සඳහා කිසිදු සැකයකින් තොරව අවශ්‍ය සියලු ම පියවර ගන්නවා. කිසිම ආයතනයක් වසන්නේ නැති අතර ඒ ශිෂ්‍යයන්ට උපාධිය ලබාදීම සඳහා මේ වනවිට සාකච්ඡා රාශියක් ශිෂ්‍යයන් සමඟත් ආචාර්යවරුන් සමඟ ත් ඇති කරලා UNIVOTEC ඒකට වෘත්තීයභිමුඛ විශ්වවිද්‍යාලයට මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා පත් කරලා තියෙනවා. හිටපු අය පත් කරලා තිබ්බේ හමුදා නිලධාරියෙක්. ඒ වෙනුවට විශ්වවිද්‍යාලයක් නිර්මාණය කරලා පළපුරුද්දක් තියෙන උපකුලපතිවරයෙක් තමයි පත් කළේ. ඒතුමා ශිෂ්‍යයන්, ආචාර්ය මණ්ඩලය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කරලා යුනිවෝටෙක් ඒක වරලත් නැත්නම් බලය ලත් විශ්වවිද්‍යාලයක් බවට නව පනතක් මඟින් උපාධි දෙන්න ත් මේ විශ්වවිද්‍යාල විද්‍යායතන වගේ නව පනතක් මඟින් අපේ මේ කාලපරිච්ඡේදය තුළ දී බලාපොරොත්තු වෙනවා.සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම විශ්වවිද්‍යාල විද්‍යායතන 01 බැගින් අනාගතයේ දී හැදීමට අදියරෙන් අදියර ගමන් කරනවා. ශිෂ්‍ය ප්‍රජාවට සහතිකයක් දෙනවා තමන්ට පාඨමාලාවන් 01වන වර්ෂයේ දී හැදෑරුවොත් ඩිප්ලෝමාවකුත් 02 වර්ෂයට උසස් ඩිප්ලෝමාවකුත් ඉන් පසුව උපාධිය දක්වා ත් යාමට වැඩපිළිවෙළක් හදනවා.
අනුර කුමාර දිසානායක |
තම දරුවන්ට උපාධියක් ලබාදිමට හැම දෙමාපියෙක්ගේ ම අපේක්ෂාව වෙතත් දැනට උසස් පෙළ සමත් සිසුන්ගෙන් සෑහීමකට පත් විය හැකි ප්‍රමාණයක් ගන්නේ නැහැ. ඒ නිසා දෙමාපියන්ට සිදුවෙලා තියෙන්නේ තමන්ට දැරිය නොහැකි බරක් දරාගෙන විශාල සමාජ ආර්ථික ගැටලුවලට මූණ දීගෙන අධ්‍යාපනය ලබාදීම සඳහා විදේශ විශ්වවිද්‍යාලවලට යන්න. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු යොදනවා. උපාධිධරයා රැකියා සොයාගෙන යන ක්‍රමය වෙනුවට ව්‍යවසායකයින් උපාධිධරයා සොයාගෙන ඒන ක්‍රමයක් සකසනවා. රැකියා වෙළඳපොළට ගැළපෙන කාර්යශූර විනයගරුක උපාධිධරයෙක් නිර්මාණය කිරීම අපේ අපෙක්ෂාව යි.
1. දැනට විශ්වවිද්‍යාල හා විවිධ උසස් අධ්‍යාපන ආයතනවලට ඇතුළු කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අවශ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ප්‍රමාණය සහ අවශ්‍ය කරන අනෙකුත් යටිතල පහසුකම් ඉතා කොටි කාලයක් තුළ ලබාදීම සඳහා අපි විශාල ආයෝජනයක් කරනවා.
2. සියලු ම විශ්වවිද්‍යාල සුහුරු අධ්‍යාපනය ලබා දෙන අධ්‍යාපන ආයතන බවට (Smart universities) බවට පත් කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණික පහසුකම් ලබා දෙනවා.
3. ඉදිරි දශකය තුළ 21වැනි සියවසේ අනාගත අවශ්‍යතා වැඩි වැඩියෙන් ඉල්ලා සිටින තාක්ෂණවේදීන් බිහි කිරීම සඳහා සෑම විශ්වවිද්‍යාලයකට ම අනුබද්ධ තාක්ෂණ පීඨ ඇති කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා ආයෝජනය කරන විශාල ප්රාග්ධනය රටේ අනාගතය උදෙසා වන අත්‍යවශ්‍ය යෙදවුමක් ලෙස සලකනවා.
4. ගුවන් හා නාවුක සේවා සඳහා අවශ්‍ය වෘත්තිමය සේවාවන් පුළුල් කිරීම සඳහා ගුවන් සේවා විශ්වවිද්‍යාලයක් සහ නාවුක සේවා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට කටයුතු කරනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ඔවුන්ගේ කැමැත්ත මත රැකියා වෙළඳපොළට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා ගැනීමට තොරතුරු තාක්ෂණය මත පදනම් ව 21වන සියවසේ වෙළඳපොළ අවශ්‍යතාවන්ට අනුව නූතන පාඨමාලා හැදෑරීමට අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කරන අතර සිසුන්ට ඒ සඳහා අවශ්‍ය කාලය හා අරමුදල් සපයාගත හැකි අධ්‍යයන කාලසටහන්වලට සුදුසු වෙනස්කම් කරනවා. මහපොළ හා ශිෂ්‍යාධාර ප්‍රමාණවත් ලෙස වැඩි කිරීමට කටයුතු කරනවා. දැනටමත් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විශාල පිරිසක් විශ්වවිද්‍යාල අධ්‍යයන හා වෙනත් වෘත්තීය ජාත්‍යන්තර පාඨමාලා හදාරන අතර විශාල පිරිසකට ඒම අවශ්‍යතාව ඇතත් මුදල් ගෙවීමේ හැකියාවක් නොමැතිකම නිසා ඒවැනි අතිරේක සුදුසුකම් සපුරා ගැනීමට යොමු වුවන් ගෙන් ඒවැනි සිසුන් සඳහා ගෙවීමේ පදනම මත පොලී රහිත විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දිම ක්‍රියාත්මක කරනවා. විශ්වවිද්‍යාල සිසුන් හා වෙනත් අධ්‍යයන කටයුතුවල නිරතවන විශාල සිසුන් සංඛ්‍යාවක් සඳහා සහන මිලට නේවාසිකාගාර පද්ධති හා අදාළ ප්‍රදේශ ආශ්‍රිත රජයේ හා පෞද්ගලික අංශයන් එක්ව ගොඩනැඟීමට කටයුතු කරන අතර මෙම නේවාසිකාගාර විසින් ලැබෙන ආදායම අදායම් බදුවලින් නිදහස් කිරීමට මුදල් අමාත්‍යවරයා ඉදිරි අයවැයේ දී යෝජනා ඉදිරිපත් කරනවා.
සාමාන්‍ය පෙළට හා උසස් පෙළට නර්තනය හා සංගීතය, චිත්‍ර, මූර්ති සෞන්දර්යාත්මක විෂයන් හදාරන ශිෂ්‍ය ශිෂ්‍යයන්ට අදාළ ක්ෂේත්‍රයේ උසස් ඩිප්ලෝමා හැදෑරීම සඳහා පවතින සෞන්දර්ය විශ්වවිද්‍යාලයට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතන 10ක් ආරම්භ කරනවා. රැකියා වෙළඳපොළට ආකර්ෂණීය වන නිර්මාණශීලී ශ්‍රමිකයකු බිහි කිරීම සඳහා සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රමවලින් බැහැරවෙමින් ස්වයං අධ්‍යයන ක්‍රමය (Self Learning) මාර්ගෝපදේශ අධ්‍යාපන ක්‍රමය (Guidance learning) සාමූහික අධ්‍යාපන ක්‍රමය (Group Learning) වෘත්තීය පුහුණු අධ්‍යාපන ක්‍රමවේදයන් Project and Training මත නිපුණතා පාදක රැකියාභිමුඛ අධ්‍යාපන ක්‍රමවේදයක් සහිත Job oriented Higher Education System නව තාක්ෂණය මත පදනම් වන දුරස්ථ අධ්‍යාපනයක් ලබා දීමට හැකි විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පුළුල් කරනවා.
සාගර විශ්වවිද්‍යාලය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් සමුද්‍ර කේන්ද්‍රීය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු යොදනවා. සිසුන් අතර විශාල ඉල්ලුමක් අති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පුළුල් කිරීමට කටයුතු යොදනවා. සියලු ම රාජ්‍ය විශ්වවිද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී ඉහළට ඔසවා තැබිම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් සකස් කර ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අයිතිය නිදහස සහ පහසුකම් ඒම විශ්වවිද්‍යාලවලට ලබා දෙනවා. දේශීය හා ගෝලීය රැකියා වෙළඳපොළට ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය ක්ෂේත්‍ර සඳහා උසස් ඩිප්ලෝමා පාඨමාලා උගන්වන වරලත් ගණකාධිකාරී ආයතනය, ගණක ශිල්පීය ආයතනය, ඒ ඒ ටී ආයතනය සහ බැංකු කරුවන්ගේ ආයතනය ඇගයීමට ලක්කර නව විෂය මාලා හඳුන්වාදීම සහ පුහුණු කථිකාචාර්යවරු අනුයුක්ත කිරීම ආදී වෙනස්කම් ඇති කිරීමට කටයුතු කරමින් සිටිනවා.
නවකවදය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් නොව දෙමවුපියන්ට ද මුළු මහත් සමාජයට ද පීඩාවක් බවට පත් වී ඇති බැවින් නවකයන්ට මහත් භීතිකාවක් මෙන් ම ශාරීරික හා ලිංගික පීඩනයක් ලබන නවකවද සංස්කෘතිය සියලු ම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් මුළුමනින් ම තුරන් කිරීම සඳහා අවැසි බලතල විශ්වවිද්‍යාල පාලක සභාවන්ට ලබා දෙනවා. විවෘත විශ්වවිද්‍යාලයේ බඳවාගැනීම් නතරකර තිබුණු නීතිවේදී උපාධියට අලුත් සිසුන් බඳවා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් මාර්තු 01වැනි දින පළ කරන ලෙස මම දැනුම් දුන්නා. මාස 02ක් ඇතුළත එය සිදු වෙයි.
from silumina
0 Comments