Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉන්දියා සාග­රයේ බලය අල්ලන බල­ව­තුන්ගේ ඇහැ අප දෙසට

1 පෙබරවාරි, 2020
ශ්‍රී ලංකාවේ චීන තානා­පති චෙං ෂුවාන් මහතා අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පසුගිය ජනවාරි 30 වැනිදා අගමැති මහින්ද රාජ­පක්ෂ මහතා හමු වූ අව­ස්ථාව
ශ්‍රී ලංකාවේ චීන තානා­පති චෙං ෂුවාන් මහතා අර­ලි­ය­ගහ මන්දි­ර­යේදී පසුගිය ජනවාරි 30 වැනිදා අගමැති මහින්ද රාජ­පක්ෂ මහතා හමු වූ අව­ස්ථාව

ලෝකයේ විවිධ රට­වල් අතර පව­තින ද්විපා­ර්ශ්වික සහ බහු­පා­ර්ශ්වික සබ­ඳතා, එනම් අන්ත­ර්ජා­තික සබ­ඳ­තා­වන්හි වැද­ග­ත්කම සහ වටි­නා­කම කලින් කලට වෙනස් වේ. ඊට සමාජ, ආර්ථික දේශ­පා­ල­නික මෙන්ම භූ විද්‍යා­ත්මක සාධක පවා ප්‍රබ­ලව බල­පාන බව නොර­හ­සකි.

උදා­හ­ර­ණ­යක් ලෙස කල­කට ඉහ­තදී ලෝකයේ වැද­ගත්ම සාග­රය වූයේ අත්ලා­න්තික් සාග­ර­යයි. පසුව එම තත්ත්වය වෙනස් විය. විසි වැනි සිය­වස පමණ වන විට ලෝකයේ වැද­ගත්ම සාග­රය බවට පත් වූයේ පැසි­ෆික් සාග­ර­යයි. මේ වන විට එම තත්ත්ව­යද බොහෝ සෙයින් වෙනස් වී ඇත. අද වන විට ලෝකයේ වඩාත්ම වැද­ගත්ම සාග­රය බවට පත් වී ඇත්තේ ඉන්දියා සාග­ර­යයි .

ඉන්දියා සාග­රය ලෝක­යට වැද­ගත් වීමට ප්‍රධාන හේතු කිහි­ප­යකි. අද ලොව ප්‍රබල රට­වල් බොහො­ම­යක් තම වෙළෙඳ කලාප තුළ වෙළෙඳ සහ වාණිජ කට­යුතු අතින් උප­රිම වර්ධ­න­ය­කට පැමිණ සිටී. එම නිසාම අද එම බල­ව­තුන් තම වෙළෙඳ සහ වාණිජ කට­යුතු ව්‍යාප්ත කර­ගැ­නීම සඳහා වෙනත් බාහිර කලාප වෙත යොමු වීමට උත්සාහ දර­මින් සිටී.අද එම නිෂ්පා­දන බල­ව­තුන්ට වෙළෙ­ඳාම සඳහා හොඳම අව­ස්ථාව ඇත්තේ අප්‍රි­කානු කලා­ප­යේය. ඒ අනුව යුරෝ­පානු ඇමෙ­රි­කානු බල­ව­තුන් මෙන්ම චීනය ඇතුළු පෙර­දිග බල­ව­තුන්ද අප්‍රි­කාවේ තම වෙළෙඳ සහ වාණිජ කට­යුතු ව්‍යාප්ත කිරීම සඳහා විවිධ සැල­සුම් සහ වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කර­මින් සිටී. මෙහිදී එම බල­ව­තුන්ට අප්‍රි­කානු කලා­පය හා සම්බන්ධ වීමට, ඉන්දියා සාග­රය අති­ශ­යෙන්ම වැද­ගත්ය. ඉන්දියා සාග­රයේ බලය අල්ලා­ගන්න සියලු දෙනාම පොර­කන්නේ ඒ හේතුව නිසාය.

චීනය එම බල­පො­රයේ වඩාත්ම සාර්ථ­කව සහ ඉදි­රි­යෙන්ම සිටින රාජ්‍ය වේ. ඒ අනුව ඉන්දියා සාග­රයේ බලය වඩාත් ශක්ති­මත්ව ස්ථාපිත කර­ගෙන ඇත්තේ චීන­යයි. නමුත් ඉන්දියා සාග­රයේ භූගෝ­ලීය පිහි­ටීම අනුව එම කලා­පයේ ප්‍රබ­ලයා වන්නේ ඉන්දි­යා­වයි. එම රට­වල් දෙක අතර සීතල ගැටු­මක් උද්ග­තව ඇත්තේ එම හේතු කාරණා මුල් කර­ග­නි­මිනි ඉන්දියා සාග­රයේ කේන්ද්‍රයේ පිහිටා තිබීම හේතු­වෙන් එම බල­අ­ර­ග­ලයේ ශ්‍රී ලංකා­ව­ටද විශේෂ ස්ථාන­යක් හිමි වී ඇත්තේ නිතැ­තිනි. එම භූ දේශ­පා­ල­නික වැද­ග­ත්කම හේතු­වෙන්, ඉන්දි­යානු සාග­රයේ බලය ඇල්ලී­මට වෙර දරන සිය­ලුම රට­වල් ශ්‍රී ලංකාව වෙත "සුවි­ශේෂී අව­ධා­න­යක් " යොමු කර­මින් සිටී.

එම රට­වල් දෙක පිටු­පස ලෝක­යත් පෙළ ගැසී ඇත. ඉන්දි­යාව පිටු­පස ඇමෙ­රි­කාව, ජපා­නය මෙන්ම අඩු­වැඩි වශ­යෙන් යුරෝ­ප­යද පෙළ ගැසී ඇත. චීනය පිටු­පස රුසි­යාව සහ “බ්‍රික්ස්” සංවි­ධා­න­යට අයත් බ්‍රසී­ලය, දකුණු අප්‍රි­කාව ඇතුළු රට­වල් පෙළ ගැසී සිටී. ඒ අනුව ඉදි­රි­යේදී ඉන්දියා සාග­රයේ බලය අල්ලා­ගැ­නීම සඳහා එම රට­වල් සියල්ල පුළුල් සීතල යුද්ධ­ය­කට එළැ­ඹීමේ යම් අව­දා­න­මක්ද මේ වන විට මතු­වෙ­මින් ඇත.

ඒ තත්ත්වය හේතු­වෙන් ශ්‍රී ලංකා­වට උදා වී ඇත්තේ වාසි ප්‍රති­ලාභ මෙන්ම අවාසි සහ පාඩුද සිදු විය හැකි අව­දා­නම් සහ­ගත සංකීර්ණ තත්ත්ව­යකි. එම සංකීර්ණ තත්ත්වය රටක් වශ­යෙන් අප නිවැ­ර­දිව අව­බෝධ කර­ගත යුතුව ඇත. එම වාතා­ව­ර­ණය මත ඉහත කී බල­ක­ඳ­වුරු දෙකම ශ්‍රී ලංකාව තම සේවා­දා­ය­ක­යෙකු බවට පත් කර­ගැ­නීමේ වෑය­මක යෙදේ. වඩාත් දැඩි උත්සා­හ­යක නිර­තව සිටින්නේ චීන­යයි. චීනය බොහෝ දුරට ඒ සඳහා භාවිතා කරන උප­ක්‍ර­මය, මෙර­ටට විශාල ණය මුදල් ලබා­දීම, මේරටේ දැවැන්ත සංව­ර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සහ සංව­ර්ධන ව්‍යාපෘති සඳහා ආධාර ලබා­දී­මය .එබැ­වින් මේ මොහොතේ ලංකාවේ විදෙස් ප්‍රති­පත්ති සැක­සිය යුත්තේද , අන්ත­ර්ජා­තික සබ­ඳතා ඇති කර­ගත යුත්තේද ඉහත කරුණු සහ තත්ත්ව­යන් පිළි­බඳ නිවැ­ර­දිව සහ පුළුල්ව සැල­කි­ල්ලට ගෙනය. එම බල­ක­ඳ­වුරු දෙකම ප්‍රති­ක්ෂේප කර තනිව ගම­නක් යාම­ටද මෙර­ටට නොහැ­කිය. එය ප්‍රයෝ­ගික තල­යේදී අපට මුහුණ දීමට වන යථා­ර්ථ­යයි.

චීනය එම සැල­සුම ක්‍රියා­ත්මක කරන විට, ඉන්දි­යාව, ඇමෙ­රි­කාව ප්‍රමුඛ අනෙක් කඳ­වු­රද ඊට ප්‍රති­වි­රු­ද්ධව ක්‍රියා­ත්මක වේ. ඇමෙ­රි­කාව ඉන්දි­යාව වැනි රට­වල්, චීනය මෙන් විශාල ආධාර සහ ණය මෙර­ටට ලබ­නො­දු­න්නද, ඔවුන් ඊට වඩා වෙනස් දේශ­පා­ල­නික උප­ක්‍රම සහ කුම­න්ත්‍රණ මඟින් ශ්‍රී ලංකාව “නම්මවා ” ගැනී­මට උත්සාහ දර­මින් සිටී.

කෙසේ වෙතත් ලෝක බල­ව­තුන්ගේ එම ආක­ර්ෂ­ණය හේතු­වෙන් අපට ආර්ථික ප්‍රති­ලාභ රැසක් ලැබෙන බවද අම­තක නොකළ යුතුය . විශාල ණය ආධාර , ව්‍යාපෘති මෙන්ම විවිධ දේශ­පා­ල­නික ආධාර උප­කාර පවා එම­ඟින් මෙර­ටට ඇදී ඒම අපට පැහැ­දි­ලි­වම දැකිය හැකිය. නමුත් ඒ සම­ඟම, අපගේ පුංචි රට, මෙම “තෝරු-මෝරු ” සට­නට මැදි වීමේ අව­දා­න­මක්ද ඇත .

ඒ අනුව මේ මොහොතේ අව­ධා­නය යොමු කළ යුත්තේ උද්ග­තව ඇති තත්ත්ව­යන් නිසි ලෙස කළ­ම­නා­ක­ර­ණය කළ හැක්කේ කෙසේ­දැයි සොයා බැලීම පිළි­බඳ ය. වග­කි­ව­යුතු සියලු පාර්ශ්ව ඒ පිළි­බඳ මැදි­හත්ව සිතා බලා කට­යුතු කළ යුතුය .

පසු­ගිය රජයේ විදෙස් ප්‍රති­ප­ත්තිය තුළ වැරදි හා අඩු­පාඩු රැසක් වූ අතර ඒ නිසාම අපට අවාසි සහ අලාභ රැස­ක­ටද මුහු­ණ­දී­මට සිදුවූ බවද අපට මත­කය. එම වැරදි සහ අඩු­පාඩු නැවත සිදු නොවී­මට නව රජය වග­බලා ගත යුතු­මය .

ඒ අනුව චීනය සහ ඉන්දි­යාව අතර සම­තු­ලිත ප්‍රති­ප­ත්ති­යක් අනු­ග­ම­නය කරන්නේ කෙසේද යන්න, අද දවසේ අප රට ඉදි­රියේ ඇති අභි­යෝ­ග­යයි. ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ප්‍රමුඛ නව රජය බල­යට පත්ව ගත වූ කෙටි කාල­සී­මාව තුළ එම අභි­යෝ­ග­යට සාර්ථ­කව මුහු­ණ­දීමේ හැකි­යාව පෙන්නුම් කර­මින් සිටීම සතු­ටට කරු­ණකි. විශේ­ෂ­යෙන්ම නව රජය "නොබැඳි " 7 පිළි­වෙ­තින් යම් ආද­ර්ශ­යන් ලබා­ග­නි­මින් සිටින බවක් පැහැ­දි­ලි­වම පෙනෙ­න්නට ඇත. ඇත්තෙන්ම ඉන්දීය සාග­රයේ බල අර­ග­ල­යට සාර්ථ­කව මුහු­ණ­දී­මට නම් නොබැඳි පිළි­වෙ­තින් ආදර්ශ ලබා­ගත යුතු­මය . ඒ අනුව චීනය සහ ඉන්දි­යාව යන දෙපා­ර්ශ්ව­යම “අතේ දුරින්” ආශ්‍රය කිරී­මට අවශ්‍ය පිය­ව­ර­යන් ගත යුතුය . ඒ සඳහා බුද්ධි­මත්ව සැල­සුම් සැක­සිය යුතුය. චීනය සතුටු කිරීම හෝ ඉන්දි­යාව සතුටු කිරීම අර­මුණු කර­ග­මි­නින් ආර්ථික ප්‍රත්පත්ති සැක­සීම නොකළ යුතුය. මහා බල­ව­තුන්ගේ ආක­ර්ෂ­ණය හා අව­ධා­නය ඔස්සේ ලැබෙන වාසි නිවැ­රදි ලෙස ආයෝ­ජ­නය කිරී­මට අප කට­යුතු කළ යුතුය. එසේ කට­යුතු කිරී­මෙන් දියු­ණුවූ රට­වල් රැසක් පිළි­බඳ ලෝක ඉති­හා­ස­යෙන් අපට උදා­හ­රණ ලබා ගත හැකිය.

චීනය අපට බොහෝ උදවු උප­කාර කර­මින් සිටී. මේ අව­ස්ථාවේ ඔවුන් මඟ­හැර යෑම­ටද අපට නොහැ­කිය. එසේම අපගේ අස­ල්වැසි ඉන්දි­යාව අත­හ­ැරී­ම­ටද අපට කිසිසේත්ම නොහැ­කිය. දෙපා­ර්ශ්වය සම­ඟම පව­තින සබ­ඳතා රැක­ගැ­නීම අති­ශ­යෙන් වැද­ගත්ය.

මේ අනුව අප චීනය සහ ඉන්දි­යාව සමඟ මෙහිදී “සාපේක්‍ෂ වාසිය” යන කරුණ මුල් කර­ග­නි­මින් කට­යුතු කළ යුතුය. ඉන්දි­යාව හා චීනය මෙරට ආර්ථික ආයෝ­ජ­න­යක් සඳහා තරග කරන විට අප බැලිය යුත්තේ ඉන් අපට සාපේක්‍ෂ වාසි­යක් ලැබෙන්නේ කුමන රටෙන්ද යන්න පිළි­බ­ඳය. එසේ නැතිව, එම බල කඳ­වුරු දෙකේ බල අර­ගල පිළි­බඳ සිතා බලා කට­යුතු නොකළ යුතුය. අප එම බල අර­ග­ලයේ කොට­ස්ක­රු­වෙකු නොවිය යුතුය .

උප­රිම සාපේක්‍ෂ වෙළෙඳ වාසිය ලබා­ගැ­නීම අර­මුණු කර­ගත් , තාර්කික ප්‍රවි­ෂ්ට­යක් මත පිහිටා සිට අප ඉදි­රි­යේදී චීනය හා ඉන්දි­යාව යන රට­වල් සමඟ ගනු­දෙනු කළ යුතුය. දෙරට සමඟ ආර්ථික ආයෝ­ජන සම්බ­න්ධව කට­යුතු කිරී­මේදී මෙහිදී අප ගත යුත්තේ ආර්ථික තීන්දු තීරණ මිස දේශ­පා­ලන තීන්දු තීරණ නොවේ.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();