පර්චස් එකක් පමණ වන කොන්ක්‍රිට් වහල මත ගෙවත්තක් පවත්වාගන යන පුද්ගලකු පිළිබඳ හාරිස්පත්තුව බටුඅබේ ග්‍රාමයෙන් වාර්තා වේ. හැටහත් වැනි වියෙහි පසුවන ඩී. ජී. ධර්මදාස මහතා තම නිවසට අවශ්‍ය එළවළු වර්ග එකොළහක් පමණ මෙම ගෙවත්ත තුළ වගා කර ඇත.
වගාව සඳහා යොදන්නේද කාබනික පොහොර වර්ග පමණි. නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය ඇසුරින් එම පොහොර නිෂ්පාදනය කර ගනියි. මෙම ගෙවත්ත සිමිත ඉඩක් තුළ පවත්වාගන යනු ලබන්නේ මුදල් ඉපයීමට වඩා තම පවුලේ පෝෂණය වඩාත් සුරක්ෂිත කිරීම අරමුණු කරෙගන බව ඩී. ජී. ධර්මදාස මහතා කියා සිටියි. මෙම ගෙවත්ත නිසා මෙම පුද්ගලයාට මාසිකව රුපියල් හත්දහස් පන්සියක පමණ මුදලක් ඉතිරි කරගැනීමට හැකි වී තිබේ. එනම් වාර්ෂිකව රුපියල් අනූදහසක් ඉතිරි කර ගත හැකිව තිබේ.
අද රටට අවශ්‍ය සහනාදාර ක්‍රමයකට වඩා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන ක්‍රමයක් බවද එම තත්ත්වයට පත්වෙන්නට හිතන අයකුට තමන් සතු සීමිත ඉඩකඩ යොදාගන නිවසට අවශ්‍ය කරන එළවළු නිෂ්පාදනය කර ගැනිමට හැකියාව තිබෙන බවද ඒ මහතා කියා සිටියි.
මහනුවර දිසා සමුහ
0 Comments