මාතලේ - ගලේවෙල ප්‍රධාන මාර්ගයේ වහකෝට්ට මංසන්ධියේ ඉදිකර ඇති මඟී ආවරණය කැඩීගොස් දිගු කලක් ගත වී ඇතත් එය පිළිසකර කිරීමට අදාල පළාත් පාලන ආයතනයේ අවධානය මෙතෙක් යොමු නොමැති බව ප්‍රදේශයේ මඟීහු පවසති.
මේ නිසා බසයක් එනතුරු අව්වැසි දෙකින් පීඩා විඳිමින් මඟීන්ට ගස් යට හෝ කඩපිල්වල රැඳී සිටීමට සිදු වී ඇති බව මඟීහු කියා සිටිති. මේ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇතත් මෙතෙක් එයින් කිසිදු පලක් වී නැතැයිද ඔවූහු පවසති. දිනපතා මෙම බස්නැවතුම්පල වෙත විශාල මඟීන් සංඛ්‍යාවක් පැමිණෙන බැවින් මෙම මගී ආවරණය කඩිනමින් පිළිසකර කරදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
මාතලේ දිස්ත්‍රික් සමුහ
0 Comments