Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උද්දික ප්‍රේමරත්නගෙන් අනුරාධපුරයට කලා වැඩමුළු මාලාවක්

රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා ප්‍රමුඛ ‘අපේ මග’ පදනම විසින් සංවිධානය කරන නාට්‍ය හා රංග කලා වැඩමුළු මාලාවේ වැඩසටහනක් පසුගිය 5,6 දෙදින තුළ අනුරාධපුර උතුරුමැද පළාත් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

එම වැඩසටහන මෙහෙය වීම සඳහා ප්‍රවීණ රංගන ශීල්පී මහෙන්ද්‍ර පෙරේරා එක්විය. බොහෝ තරුණ තරුණියන් මෙම වැඩසටහන සඳහා ඉතාමත් උනන්දුවෙන් සම්බන්ධ වී සිටි අයුරු දක්නට ලැබිණ. ඔවුන්ට නොලැබෙන දුර්ලභ අවස්ථාවක් උදාකර දීම වෙනුවෙන් කලාකරුවන් දෙපලට හා සංවිධායක මණ්ඩලයට ප්‍රශංසා කරන අයුරු වැඩසටහන සමාප්ති අවස්ථාවේදී දක්නට ලැබිණි.

මෙම වැඩසටහන් සම්බන්ධයෙන් කළ විමසීමේදී කරුණු දැක් වූ උද්දික ප්‍රේමරත්න මහතා රජරට ප්‍රදේශවාසියකු ලෙස තවත් පරපුරකට කලාවේ දොරටු විවෘතකර දීම තම අරමුණ බව කීවේය. එහිදී උද්දික ප්‍රේමරත්න මහතා තවදුරටත් මෙසේද කීය. ‘‘අපේ තරුණ පරපුරට රංගන ක්ෂේත්‍රය හැදෑරීමට වේදිකාවක් වර්තමානයේ නෑ. කලකට පෙර ‘වන්නියේ වේදිකාව’ කියා පදනමක් තිබුණත් වර්තමානයේ එවැනි සංවිධානයක මෙහෙවර වෙනුවෙන් අලුත් ගමනක් අපි අපේක්ෂා කරනවා. අපි සතු දැනුම හා අත්දැකීම් ඊලඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරිම වෙනුවෙන් අපිට කළ හැකි යමක් කිරීම මෙහි අරමුණයි. රූපණය, ජීවිතය තේරුම ගැනීම නැතහොත් තමා තේරුම් ගැනීම දක්වා අවබෝධය ලබාදීම උදෙසා සිනමාව, කෙටි චිත්‍රපට ආදී විෂයන් රැසක් මේ දෙදින තුළ අධ්‍යයනය කළා. චිත්‍රපටයක හෝ යම් දෘෂ්‍ය නිෂ්පාදනයක අවසානයේ දිගු නාමාවලියක් ප්‍රදර්ශනය වෙනවා. එතැන ඇත්තේ විශාල පිරිසකගේ දායකත්වයක්. ඒ අවස්ථාවන් දිනාගැනීමට ආශා කරන අයට අවස්ථාව සලසාදීම ‘අපේ මග’ කණ්ඩායමේ අරමුණයි. මෙම වැඩපිළිවෙළ ගම් දනව්වල අවස්ථාව අහිමි දරුදැරියන් වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියට ගෙනියනවා.”

පුහුණුලාභීන්ට සහතික පත්‍ර බෙදාදීමට මහෙන්ද්‍ර පෙරේරා, උද්දික ප්‍රේමරත්න රංගන ශිල්පීන් දෙදෙනා සමග සම්මානිත නාට්‍ය හා කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන සුරංජිත් සමීර රණසිංහ මහතාද එක් වූහ.

 අනුරාධපුර විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();