පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හමුවේ ප්‍රකාශ ලබාදීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා ඇතැයි නියෝජ්‍ය සොලිසිටර්ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දී තිබේ.
ත්‍රස්ත ප්‍රහාරමාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ වනවිටත් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ..
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අධිකරණය හමුවේ කරුණූ දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සිදුවීම පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා මෙතෙක් දින ලබාදී නොමැති බව ය.
ඒ අතර සිද්ධිය සම්බන්ධයෙන් අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කර ඇත.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගෙන් මේ වන විටත් ප්‍රකාශයක් සටහන් කර ඇති බවය.
The post පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීගෙන් සාක්කි appeared first on Lanka News Column.
0 Comments