තවදුරටත් න්‍යෂ්ටික ගිවිසුමේ කිසිඳු කොන්දේසියකට බැඳී නොසිටින බව ඉරානය ප්‍රකාශයට පත් කළේය.
ඉරානය අමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් 6දෙනෙකු සමග මෙම න්‍යෂ්ටික ගිවිසුමට එළැඹුණේ 2015 වසරේදී ය.
ප්‍රකාශයක් නිකුත්කරමින් ඉරානය සඳහන් කළේ, බලගැන්වීම ඇතුළු න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් පැනවූ සීමා , බලගැන්වූ න්‍යෂ්ටික මූලද්‍රව්‍ය ගබඩා කිරීම , න්‍යෂ්ටික පර්යේෂණ සහ සංවර්ධනය ආදිය සම්බන්ධයෙන් පැනවූ සීමා කිසිවකටත් තවදුරටත් තමන් යටත් නොවන බවයි .
ටෙහෙරාන් නුවරදී හමුවීමෙන් පසු ඉරාන කැබිනට් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණි.
ඉරාන හමුදා ප්‍රධානී කාසෙම් සොලෙයිමානි , බෑග්ඩෑඩ්හිදී අමෙරිකානු ප්‍රහාරයකින් මියයාමෙන් පසු ඉරානය සහ අමෙරිකාව අතර නොසන්සුන්තා තවදුරටත් උත්සන්න වී පවතින පසුබිමකදී මෙම තීරණය ගැනීම විශේෂත්වයකි.
2015 වසරේ එළැඹී න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉරානය, සිය න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සීමා කිරීමට එකඟවූයේ තම රටට එරෙහිව පැනවූ ආර්ථික සම්බාධක ලිහිල් කරගැනීමේ අරමුණින් ය .
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 වසරේදී මෙම න්‍යෂ්ටික ගිවිසුමෙන් සිය රට ඉවත්කරගත් අතර ඔහු සඳහන් කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහට පැනවූ සම්බාධක තවදුරටත් දැඩි කරමින් නව ගිවිසුමකට එළැඹිය යුතු බවයි .
කෙසේ වෙතත් එහිදී ඉරානය ජනපති ට්‍රම්ප්ගේ කොන්දේසිවලට එකඟවුයේ නැත.
මේ අතර සියරටින් විදේශික සෙබළුන්ට පිටව යන ලෙස පවසමින් නව යෝජනාවක් සම්මත කර ගැනීමට ඉරාක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පියවර ගත්හ.
ඉරාන ජෙනරාල්වරයා ඇතුළු සිය නිලධාරීන් පිරිසක් බෑග්ඩෑඩ් ගුවන්තොටුපොළට එල්ලවූ අමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉකුත් සිකුරාදා මියයාමෙන් පසුව ගනුලැබූ
ඉරාකයේ මෙම තීරණය පිළිබඳ තමන් කණගාටු වනබව අමෙරිකාව සඳහන් කළේ ය.
අයි එස් ත්රස්තවාදයට එරෙහි ඒකාබද්ධ ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස මේ වනවිට අමෙරිකානු සෙබලුන් 5000 ක් පමණ ඉරාකය තුළසිටින බව සඳහන් වේ .
The post තවදුරටත් කොන්දේසි බැහැ appeared first on Lanka News Column.
0 Comments