රාජ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
මෙරට මහජනයා ගැටෙන රාජ්‍ය ආයතන තුලින් ලබන ආදායම සුරක්ෂිත කිරීමේ අරමුණින් රාජ්‍ය ආදායම් අමාත්‍යාංශයක් ඇතිකිරීමට පියවර ගන්නා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගම්පොලදී පැවසීය.
ගම්පොල ආසනය තුළ උපාධිධාරින්ගේ සංගමයක් පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උඩපළාත ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී. ජී. ගුණසේන එහි මන්ත්‍රී උදය දිසානායක, අතුල සෙනෙවිරත්න, පියසිරි යන මහත්වරු විසින් සංවිධානය කර තිබූ මෙම රැස්වීම උඩපළාත ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පාර්ලිමේන්තුවේ සිටින 225 ම පල් හොරුන් කියලා චෝදනා කරන මහජනයා, නිලධාරින් විසින් රාජ්‍ය ආයතනවලින් හොරකම් කරන එක ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නෑ.
අද මේ රාජ්‍ය ආයතනවලින් ලැබෙන ආදායමින් 20% ක් වත් ආණ්ඩුවට ලැබෙන්නේ නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
වරායෙන් 15% ක් වත් ලැබෙන්නේ නෑ. මේ නිලධාරින් හොරකම් කරනවා. ආර්.එම්.වී. එකේ සම්පූර්ණයෙන්ම හොරකම් වංචා විතරයි. ශත 5 ක් රජයට ලැබෙන්නේ නෑ. රේගුවෙන් ලැබෙන්නේ 15% ක ආදායමක්.
මේ තත්ත්වය නිවැරැදි කරගන්න පුළුවන්නම් මේ රටේ ආදායම විශාල ලෙස වර්ධනය කර ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ ආත්මගරුත්වය රැකගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න වගේම මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න පුළුවන්.
මේ ආකාරයට රටේ ජනතාව ගැටෙන ආයතන වන ප්‍රවාහන, පාස්පෝට්, රියදුරු බලපත්‍ර, සෞඛ්‍ය, රේගුව, සුරාබදු වැනි සියලු ආයතනවල ආදායම සුරක්ෂිත කිරීමේ අරමුණින් මම ජනාධිපතිතුමාට යෝජනා කර තිබෙනවා මේ රාජ්‍ය ආදායම් අමාත්‍යාංශය සකස් කළ යුතු බවට.
ඒ වගේම රජය ලෙස අප වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා රට ඉස්සරහට අරන් යන්නේ කොහොමද කියලා. ඒ අනුව බුද්ධිය හා තාක්ෂණය කේන්ද්‍ර කරගත් සමාජ සංවර්ධන විප්ලවයක් අප කරන්න බලාපොරොත්තු වෙනවා. එය කෙටිකාලීන, මධ්‍යකාලීන හා දර්ඝකාලීන ලෙස ක්‍රියාත්මක කරන්නයි සැලසුම් කොට තිබෙන්නේ.
අද මේ වනවිට රැකියා විරහිත උපාධිධාරින් 54000 ක් මේ රට තුළ සිටිනවා. ඒ අයට ඉදිරි මාස 06 තුළ රැකියා ලබාදීමටත් එය වගකීමක් ඇතිව ඵලදායි ලෙස රටට ලබාගන්නත් අප සැලසුම් කොට තිබෙනවා.
මෙතෙක් රජයන් බොහොම ආඩම්බරයෙන් උජාරුවෙන් කියනවා මෙච්චර අපි සමෘද්ධිය දෙනවා කියලා. පසුගිය ආණ්ඩුව කාලයේ අනුරාධපුර මාර්ගයේ විශාල කටවුට් දාලා තිබුණා ලක්ෂ 6 කට සමෘද්ධිය දෙනවා කියලා. මේ යැපුම් මානසිකත්වය අපි දැන්වත් ඉවත් කළ යුතුයි. රුපියල් 2500 කට සමෘද්ධි දීලා මේ රටේ දුප්පත්කම වැඩි කරනවාට වඩා අප ඉදිරියේදී සෑම සමෘද්ධි නිවසකටම රුපියල් 30000 ක ආදායමක් ලබන රාජ්‍ය සේවකයෙක් බිහිකරන්න කටයුතු කර තිබෙනවා.
මෙතෙක් උපාධිධාරියාට උසස් පෙළ සමතුන්ට යම් රැකියා අවස්ථාවක් බිහිවුණත් දේශපාලකයාගේ පාප්ප බාල්දිය උස්සගෙන ගිය අයට ගස් උඩ බඩගාලා කොඩි දාපු අයට අපි වෙනුවෙන් අත්පුඩි ගහපු අයට තොරණ ගහපු අයට ඡන්දෙන් පස්සෙ කියනවා රස්සාවක් දෙන්න පුතා උඹට සුදුසුකම් නෑ කියලා.
අද රියදුරු තනතුරුවලට සා.පෙළ 6 යි 2 ක් බලනවා. සනීපාරක්ෂක කම්කරුවන්ටත් 6 යි 2 ක් (වැඩ 6 යි සම්මාන 2 ක්) ඉල්ලනවා. අපි මේ චක්‍රලේඛ වෙනස් කර මේ අයට සාධාරණය ඉටුකරනවා.
මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය විජිත නානායක්කාර, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය අමරසිරි වික්‍රමරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, ශ්‍රී.පො.ජ.පෙරමුණේ බලමණ්ඩල ලේකම් උදය දිසානායක, උඩපළාත සභාපති ඩී. ජී. ගුණසේන යන මහත්වරුද කතා කළහ.
ගම්පොල සමූහ සුරංග දිල්හාන්
0 Comments