Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෝකාර්ථ සාධනය උදෙසා දිවිල්ලේ දේවරක්ඛිත අනුනාහිමියන සිදුකළ ශාසනික මෙහෙය අතිවිශාලයි

අදාහන පූජෝත්සවයට ජනපති ශෝක පණිවුඩයක් එවමින් කියයි

ලෝකාර්ථ සාධනය උදෙසා දිවිල්ලේ දේවරක්ඛීතාභිධාන අනුනායක හිමියන් සිදුකළ ශාසනික මෙහෙය අතිවිශාල බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විහාරස්ථාන නවයක අධිපතිත්වය දරමින් සසුනට වැඩ ඇති සඟපරපුරක් දායාද කිරීමට උන්වහන්සේ සිදු කළ සේවය අතිමහත් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සිරිසුමන ඥාණාභිවංශපාල මහාධම්මාධිධම්ම රාජගුරු ශ්‍රී මලියදේව වංශාලංකාර සම්බුද්ධ ශාසන ශෝධන විනය කීර්ති ශ්‍රී යටවත්ත ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති අපවත්වී වදාළ දිවිල්ලේ දේවරක්ඛිතාභිධාන අනුනායක ස්වාමීන් වහන්සේගේ අදාහන පුජෝත්සවයට ශෝක පණිවුඩයක් එවමින් ජනාධිපතිවරයා එසේ පැවසීය.

මේ ශෝක පණිවුඩය මාතලේ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ නායක හිටපු ප්‍රවාහන ඇමැති රෝහණ දිසානායක මහතා විසින් ඉදිරිපත් කළේය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

දේවරක්ඛිත අනුනායක ස්වාමීන් වහන්සේ ‘චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය‘ යන සම්බුද්ධ දේශනාව ගුරු කොට දහමින් සුශික්ෂිත බොදුනු සමාජයක් වෙනුවෙන් ස්වකීය පැවිදි ජීවිතය පුරා අඛණ්ඩ සේවාවක නියැළුණි. ජීවිතයේ අනියත බව අපට නැවතත් පසක් කරමින් ආයු සංස්කාර අත්හල දිවිල්ලේ දේවරක්ඛිතාභිධාන අනුනායක ස්වාමීන් වහන්සේ පරම ශාන්ත නිවන් සුව ලැබේවා.

මෙහිදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනයේ මෙසේ සඳහන් කර තිබිණි.

පුරා හැත්තෑ වසරක් දහම් දැනුම දායද කරමින් විශාල ශාසනික සේවාවක් ඉටුකළ දිවිල්ලේ දේවරක්ඛිතාභිධාන අනුනායක හිමියෝ පැවිදි සිසු පරපුරක් ඇති කිරීමට ද කටයුතු කළහ. දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් වැඩසිටින ඥානෝවෘද්ධ, ගු‍ණෝවෘද්ධ, තපෝවෘද්ධ භික්ෂුන් වහන්සේලා අතර, ප්‍රමුඛත්වය ගත් උන්වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශ්වයේ සම්භාවනාට පත් නායක හිමිනමක් වූහ. තනතුරු ගණනාවක් මුල්කොට ගනිමින් ජාතික හා ජාත්‍යන්තර ආගමික හා සමාජ මෙහෙවරක නිතර වූ උන්වහන්සේ විහාරස්ථානයේ හා බුදු සසුනේ මෙන්ම රටේත් ලෝකයේත් බෞද්ධ ප්‍රජාවේත් අධ්‍යාත්මික දියුණුවට කැපවීමෙන් කටයුතු කළහ. එසේම ප්‍රදේශයේ දහම්පාසල් අධ්‍යාපනය ලබාදෙමින් දූ දරුවන් වෙනුවෙන් ද කැපවීමෙන් කටයුතු කළහ. උන්වහන්සේගේ අපවත්වීම බුදුසසුනට මෙන්ම අපටත් දැරිය නොහැකි පාඩුවකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();