Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අලුත් සහල් මංගල්‍යය පෞරාණික චාරිත්‍රානුකූලව

Author(s): 
අසේල කුරුළුවංශ

ශ්‍රී දළදා මාලිගාව කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන සතර මංගල්‍යයන් ගෙන් එකක් වන අලුත් සහල් මංගල්‍යය දුරුතු පුන් පොහෝ දිනය යෙදුණු පසුගිය 11 දින ශ්‍රී දළදා මැඳුරේදී පෞරාණික චාරිත්‍ර අනුව පැවැත්විණි.

කෘෂිකර්මාන්තය ජීවන වෘත්තිය කරගත් හෙළ ජනයා අස්වැන්න සරුවී රටට සෞභාග්‍ය හා සමෘද්ධිය උදාවේවායි ප්‍රාර්ථනය කරමින් අතීතයේ පටන් තම අස්වැන්නෙන් කොටසක් දළදා සමිඳුන් උදෙසා පූජා කරනු ලැබූහ.

අලුත් සහල් මංගල්‍යය,අලුත් අවුරුදු මංගල්‍යය,ඇසළ පෙරහර මංගල්‍යය හා කාර්තික මංගල්‍යය ශ්‍රී දළදා මාලිගාවේ මූලිකත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන සතර මහා මංගල්‍යයන් වෙයි.

දුරුතු පුර පසළොස්වක පොහොය දිනට පෙර දින කාරියකරවන කෝරාළ විසින් විදානේවරුන් සහ ආලත්ති අම්මාවරුන් ලවා අලුත් සහල් පිරිසිදු කොට පෝය දින පෙරවරුවේ ලිප් බැඳ එය වටා කහ දියර ඉස සේරු අසූවකින් යුතු බුද්ධ පූජාව සූදානම් කරවනු ලබයි.අවුල්පත් සහ ව්‍යංජනද සමඟ මෙම පූජාව සිදු කෙරෙනුයේ දෛනිකව සිදු කෙරෙන බුද්ධ පූජාවට අමතරවය.

චාරිත්‍රානුකූලව සකස් කරගන්නා බුද්ධ පූජාව දළදා තේවාව භාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය හා දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සහභාගිත්වයෙන් දුරුතු පුර පසළොස්වක පෝ දින දළදා වහන්සේ උදෙසා පූජා කිරීම සිදු කෙරෙයි.

 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();