Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාතියට තාක්ෂණික දැනුම දෙන්න කාර්මික තාක්ෂණ ආයතනය වැඩිදියුණු කරනවා

Author(s): 
අනුර ප්‍රේමලාල්

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන

ජාතියට තාක්ෂණික දැනුම ලබා දෙන මෙරට තිබෙන විශාලතම ආයතනය ලෙස මාලබේ කාර්මික තාක්ෂණ ආයතනය පත් කරන්න අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යපාන, නවෝත්පාදන හා තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් ක‍ළේ (09) මාලඹේ කාර්මික තාක්ෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කීය............මාලබේ කාර්මික තාක්ෂණ ආයතනය පර්යේෂණාත්මක වශයෙන් දීර්ඝ කාලයක් විවිධ පර්ශ්වයන්ට තාක්ෂණය හුවමාරු කර ගැනීම සඳහා ඉතා විශාල සේවාවක් සපයපු ආයනයක් බව සිහිපත් කළ යුතුයි.

මෙම ආයතනයට දේශීය විදේශීය විවිධ විද්වතුන්ගේ සහය අනුග්‍රහය ලැබිලා තිබෙන අතර ප්‍රධාන වශයෙන් ජෛව පද්ධති තාක්ෂණය සම්බන්ධයෙන් විශාල උපකරණ ප්‍රමාණයක් ලැබී තිබෙනවා. නමුත් චීනයෙන් ලැබී ඇති එම උපකරණ සවිකිරීම සම්බන්ධයෙන් අවශ්‍ය මූදල් ප්‍රතිපාදන ලැබී නොමැති බැවින් එම චීන සමාගම ඒ සම්බන්ධයෙන් තමා සමඟ සාකච්ඡා කළ බවත් ඒ අනුව එම උපකරණ මේ වනවිට පවතින තත්ත්වය පිළිබඳව නිරීක්ෂණ කර ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගෙන තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය මූදල් ප්‍රතිපාදන ලබාගැනීම සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් අනාගතයේදී මේ රටේ දරුවන්ට විශේෂිත ක්‍රමවේදයක් අනුව ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝම, උපාධි, පශ්චාත් උපාධි ලබාගත හැකි වන පරිදි මෙම ආයතනයේ තත්ත්වය විශ්වවිද්‍යාල මට්ටම දක්වා උසස් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කරනවා. මෙය මෙරටට විශේෂ සම්පතක් වන අතර කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්ත සඳහා අවශ්‍ය ව්‍යවසායකයන් බිහි කිරීමට මෙමඟින් අවස්ථාව ලැබෙනවා. ජනාධිපතිට හා කැබිනට් මණ්ඬලයට කරුණු දක්වා ජාතියට තාක්ෂණය ලබාදීමේ විශාලතම ආයතනය ලෙස ගොඩනැගීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් පැවසීය .

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();