Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇමැති දේවානන්ද ධීවර සංස්ථා ප්‍රධාන කාර්යාලය නිරීක්ෂණය කරයි

ලංකා ධීවර සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයට පසුගියදා (09) අලුයම ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කොළඹ, මෝදර පිහිටා ඇති ධීවර සංස්ථාවට (09) දින අළුයම හදිසි නිරීක්ෂණ චාරිකාවක යෙදුන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා එම සංස්ථාවේ ක්‍රියාකාරීත්වය පිළිබද සොයා බලන ලදි. එහිදී ධීවර සංස්ථාවේ ක්‍රියාකාරීත්වය දියුණු කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ දැඩි අවධානයට යොමු වු අතර සංස්ථාවේ පවතින අඩුපාඩු පිළිබඳවත් සොයා බලන්නට එම කාර්යාලයේ උසස් නිලධාරීන් සමග අමාත්‍ය කාර්යාලයේ දී එදිනම සාකච්ඡාවක් පැවතුණි.

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා සේවකයන් සෑම දෙනාම කැපවීමෙන් තම රාජකාරි කටයුතු වල නිරත විය යුතු බවත් පරිහරණයට ගත නොහැකි යන්ත්‍ර ටෙන්ඩර් පටිපාටියට අනුව විකිණීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි. ධිවර සංස්ථාවේ ක්‍රියාකාරීත්වය දියුණු කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් අවශ්‍යතාවයන් ඉටු කිරීමට තමන් සුදානම් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පවසා සිටියහ.

ධීවර සංස්ථාව විසින් නවතා දමා තිබු ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ වෙනුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 200ක පමණ මුදලක් රජයෙන් ණයක් ලෙස ලබා ගැනීමට අවශ්‍ය බවත් එම මුදල වාරික වශයෙන් නැවත ගෙවීමේ හැකියාව තම ආයතනය සතුව තිබෙන බවත් සංස්ථා නිළධාරීන් විසින් පෙන්වා දෙන ලදි. එමෙන්ම සංස්ථාවට අනෙකුත් රජයේ දෙපාර්තමේන්තු වලින් අයවිය යුතු හිඟ මුදල ලබා ගන්නට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් සංස්ථා නිළධාරීන් විසින් ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදි.

බුද්ධිකා ඉඹුලාන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();