Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගල්බොක්ක බොදුමග සේලගිරි විහාරයේ පෙරහර 8වැනිදා සිට රාජ්‍ය අනුග්‍රහය ඇතිව

බෙරලපනාතර, ගල්බොක්ක ඓතිහාසික බොදුමග සේලගිරි විහාරස්ථානය මගින් වාර්ෂිකව පවත්වනු ලබන හෙළයේ මහා සංස්කෘතික පෙරහර මංගල්‍යය මෙවරත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව 2020 ජනවාරි 08 දින සිට 13 දින දක්වා පැවැත්වේ. මෙවර පෙරහර මංගල්‍යය 13වැනි වරට පවත්වන අතර, පළමු පාවාඩ පෙරහර මේ මස 09වැනි දා සවස 3.00ට විහාරස්ථාන මළුවේ පැවැත්වෙන අතර, 10වැනි දා සවස 3. 00ට සිවු මහා දේවාල පෙරහර බොදුමග සේලගිරි විහාරස්ථානයේ සිට කිරිලිපන හන්දිය දක්වා වීථි සංචාරය කිරීමට කටයුතු යොදා ඇති බවට ගල්බොක්ක ඓතිහාසික බොදුමග සේලගිරි විහාරස්ථානයේ විහාරාධිපති ගින්නලියේ අමිතානන්ද නායක ස්වාමීන් වහන්සේ පැවැසූහ. 11වැනිදා රාත්‍රි 10. 00ට අලි ඇතුන්ගෙන් සමන්විත උඩරට, පහතරට, සබරගමුව නර්තන කණ්ඩායම්වල නර්තනයන් සමඟ රන්දෝලි මහා පෙරහර විහාරස්ථානයේ සිට පාතවිට මහ වංගුව දක්වා වීදි සංචාරය කරන බව විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවැසූහ.

 මෙවර රන්දෝලි මහා පෙරහරේ සධාතුක ධාතු කරඬුව වැඩම කරවීම කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ කණ්ඩුල ඇතා විසින් සිදුකරන අතර, මෙවර බොදුමග සේලගිරි විහාරස්ථානයේ බස්නායක නිලමේ ලෙස බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ගජනායක නිලමේ ව්‍යාපාරික කේ. ඩී. බන්දුජීව මහතා කටයුතු කරනු ලැබේ. 12වැනි දා සවස 5.00ට දේව ශාන්ති කර්මය ආරම්භ වන අතර, 13 දින අලුයම 3.00ට දිය කැපීම විජයගම විහාරස්ථානය අසල තොටුපොළේ දී සිදුකරන අතර, ගිනි පෑගීම සිදු කිරීමෙන් පසු උදෑසන දේව දානය පිරිනැමීමෙන් අනතුරුව ඓතිහාසික බොදුමග සේලගිරි විහාරස්ථානයේ හෙලයේ මහා සංස්කෘතික පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ. ජනවාරි 09 දින සිට 12 දින දක්වා තොරණ ප්‍රදර්ශණය, දිනපතා මල්වෙඩි සංදර්ශන, කඩ සල්පිල් පැවැත්වෙයි.

 

ඌරුබොක්ක විශේෂ  

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();