Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ත්‍රි/මලයේ ජීව විද්‍යා ප්‍රථමයාට ආණ්ඩුකාරවරියගෙන් තෑගි

නිවසක් ඉදිකර දෙන්නත් අවධානය

දුප්පත්කම අධ්‍යාපනයට බාධාවක් කර නොගෙන මෙවර පැවැති අ. පො. ස. උ. පෙ විභාගයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජීව විද්‍යා අංශයෙන් ප්‍රථමයා වූ ත්‍රිකුණාමල සහිරා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මීරාසා පාතිමා මුසාදිතා සිසුවිය මුණගැසීම සඳහා නැඟෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මුතූර්, සාපිනගර් පිහිටි ඇගේ නිවසට ගියේය.

දුප්පත්කම දෑතින් තුරුලු කරගෙන ගඩොල් කපා පියා දෙන මුදලින් හා නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙළා ගත් මුසාදිතාගේ අවශ්‍යතාවත් ඉටු කරමින් ආණ්ඩුකාරවරිය විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කෙරිණි.

ඉදිරියේදීත් ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා උදවු කිරීමට මෙහි දී ආණ්ඩුකාරවරිය පොරොන්දු වූ අතර, පොල්අතු, තහඩු සෙවිලි කර ගරා වැටෙමින් පවතින ඇගේ නිවස වෙනුවට පළාත් නිවාස අධිකාරිය හරහා නව නිවසක් ඉදිකරදිම කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද අණ්ඩුකාරවරිය අවධාරණය කළාය. අනාගතයේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විශේෂඥවරියක්වීම ඇගේ එකම අභිප්‍රාය බව ද පාතිමා මුසාදිතා මෙහි දී ආණ්ඩුකාරවරිය හමුවේ පැවැසුවාය.

ත්‍රි/මලය විශේෂ

ඡායාරූප ත්‍රි/මලය විශේෂ

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();