Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ධූරයේ වැඩ භාර ගනියි

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් ධුරයට පත්කරන ලද එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා අද (28) පෙරවරුවේ සිය ධුරයෙහි වැඩ භාරගැනීම අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේ දී ආගමික චාරිත්‍රවලට මුල් තැන දෙමින් සිදුකරනු ලැබිණි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ රට සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිමය දැක්ම සාක්ෂාත් කිරීමට නිලධාරීන් වශයෙන් විශාල වගකීමක් පැවරෙන බැවින් එම වගකීම ඉටු කිරීමට මින් පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ තමා සේවය කළ අවස්ථාවේ දී ලබාදුන් පරිද්දෙන් ම සියලු දෙනාගේ සහාය තමා වෙත ලබාදෙන ලෙස ලේකම්වරයා අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය. මේ රටේ දෙමව්පියන් සතුටු කළ හැකිවන්නේ අධ්‍යාපනය තුළින් දරුවන්ගේ අභිවෘද්ධිය සකස් කරදීමෙන් පමණක් බව ද නව ලේකම් වරයා මෙහි දී පැවසීය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();