Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අරාලි තුඩුවේදී දැයෙන් සමුගත් විරෝදාර රණවිරුවන්ට උපහාර

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යාපනය අර්ධද්වීපයේ සිදුකළ දින දෙකක සංචාරයේදී, මීට වසර 27 කට පෙර යාපනය කයිට්ස් දූපතේ අරාලි තුඩුවේ දී තම මාතෘභූමියේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු අනෙකුත් විරෝදාර රණවිරුවන් නවදෙනාගේ මතකයන් සිහිපත් කරමින් ඔවුන්ට උපහාර පුදකිරීම සඳහා එක්විය.

මේ උත්සවයේ දී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අරාලි තුඩුවේ පිහිටි රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ අමරණීය මතකයන් සිහිපත් කර ඔවුන්ට සිය ගෞරවාචාරය පුද කළේය. මේ අවස්ථාව සඳහා යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සහභාගී වූහ. මේ අවස්ථාවට සපැමිණි යුද හමුදාපතිවරයා යාපනය ආරක්ෂක සේවා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදා ඉතිහාසයේ බිහි වූ සුවිශේෂී යුද විරුවකු වූ ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ මේජර් ජෙනරාල් විජය විමලරත්න සහ රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයන් ගමන් ගත් වාහන පෙළට 1992 අගෝස්තු මස 8 වැනි දින එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් අරාලි තුඩුවේ දී එල්ල කළ ප්‍රහාරයෙන් ඔවුන් දැයෙන් සමු ගත්හ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();