Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රටක ජාතික න්‍යාය පත්‍රය නිර්මාණයේදී අධ්‍යාපනයට ප්‍රමුඛත්වයක් දිය යුතුයි

වලස්මුල්ල කණුමුල්දෙණිය මහා විද්‍යාලයට බස් රථයක් ප්‍රදානය කරමින් ඇමැති සජිත් කියයි

රටක ජාතික න්‍යාය පත්‍රය නිර්මාණය කරන විට ප්‍රමුඛතම ස්ථානය ලබාදිය යුත්තේ අධ්‍යාපනයට බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මෙරට සෑම පාසලක්ම ලෝකයේ සිටින පො‍හොසතුන්ට සම්බන්ධ කර රජයෙන් ලබාදෙන මුදල්වලට අමතරව විදේශීය දානපති සම්පත්වලින් මෙරට සෑම පාසලක්ම දියුණු කිරීමේ යුගය තමන් ආරම්භ කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරට මෙතෙක් බිහිවූ රාජ්‍ය නායකයන්ට වඩා අධ්‍යාපන ක්ෂේත්‍රය ඉහළ නංවන යුගය තමන් ආරම්භ කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ අදහස් පළ කළේ පාසල් සඳහා බස්රථ ප්‍රදානය කිරිමේ “සැමට සහන” වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වලස්මුල්ල, උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 46 ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ඇමැතිවරයාගේ මුල්‍ය දායකත්වයෙන් හා එතුමාගේ ඉල්ලීම මත පෞද්ගලික දානපතීන්ගේ මුල්‍ය පරිත්‍යාගයෙන් මේ නවීන බස් රථය විද්‍යාලයට ප්‍රදානය කෙරිණි. පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් 1,500කට පමණ මෙමගින් ප්‍රතිලාභ හිමිවේ.

ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();