නාවික හමුදාව විසින් පසුගියදා ( 20) ඉරණතිව් දූපත ආශ්රිතව සිදු කළ සෝදිසි කිරීමක දී බීඩිකොළ කිලෝග්රෑම් 1616ක තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.
උතුරු මැද නාවික විධානය විසින් ඉරණතිව් දූපත ආශ්රිත වෙරළ තීරයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී වෙරළට ගොඩගසා තිබූ බිඩී කොළ කිලෝග්රෑම් 1616 ක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, ඒවා පාර්සල් 24 ක අසුරා තිබියදි මෙලෙස සොයා ගැනීමට සමත්ව ඇත. සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දෙන ලදි.
තවද, ජාවාරම්කරුවන් විසින් මේ බීඩී කොළ නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන ඒමට උත්සහ කළද නාවික හමුදාව විසින් සිදු කරනු ලබන අඛණ්ඩ මෙහෙයුම් හේතුවෙන් මේ ජාවාරම් මැඬපැවැත්වීමට හැකියාව ලැබී ඇත.
ඒ අනුව මේ වසර තුළදී පමණක් බීඩි කොළ කිලෝග්රෑම් 34000 කට අධික ප්රමාණයක් නාවික හමුදාව විසින් සොයා ගැනීමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඬපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්රියාත්මක කරනු ලබයි.
0 Comments