Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනපතිට සැබෑ වුවමනාවක් තිබෙනවා

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

මහාචාර්ය ආශු මාරසිංහ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සැබෑ වුවමනාවක් ජනාධිපතිවරයාට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසයි. පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන තේරීම් කාරක සභාවට විනිසුරු මලල්ගොඩ කමිටු වාර්තාවේ නිර්දේශ ජනාධිපතිවරයා ලබා දුන් බව මන්ත්‍රීවරයා කියා සිටියේය. අරලිය ගහ මැදුරේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ඊයේ (20දා) මන්ත්‍රීවරයා ඒ බව පැවසූවේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා. පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන තේරීම් කාරක සභාවට නිල වශයෙන් යෙදී තිබුණේ ජනාධිපතිවරයාගෙන් සාක්ෂි නැත්නම් අදහස් විමසීමයි. මේ සඳහා අපි තේරීම් කාරක සභාවේ බලතළ අනුව අපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වුණා. ඒ අනුව ජනාධිපතිවරයාගෙන් සාමාජික මන්ත්‍රීවරු සියලු දෙනා සහභාගීව අදාළ ප්‍රශ්න සියල්ලම සටහන් කරගත්තා.

විනිසුරු මලල්ගොඩ කමිටු වාර්තාව ජනාධිපතිවරයා විසින් අපිට ලබා දුන්නා. ඒ නිසා ඒ කමිටු වාර්තාවේ ඇතුළත් නිර්දේශ එතුමා අපිට ලබා දුන්නා. ඒ නිසා ඒ දේවල් සම්පිණ්ඩනය කරමින් ඒ කමිටු වාර්තාව මහජනතාව වෙත මාධ්‍ය වෙත ලබා දෙන්නේ නැහැ. නමුත් අපේ පරිහණය සඳහා කමිටුවට අධ්‍යයනය කරන්න ලබා දීම සඳහා අපි ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා නැවත 24 වෙනිදා තේරීම් කාරක සභාව රැස් වෙන්න.

ඔක්තෝම්බර් මාසයේ පාර්ලිමේන්තුව පැවැත්වෙන අවසන් දවසේ, පාර්ලිමේන්තුව පැවැත්වෙන තුන්වෙනි සතියේ අවසන් වන විට මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඒ අවස්ථාවේදී මම ජනාධිපතිවරයාගෙන් අහපු එක් ප්‍රශ්නයක් වගේම එතුමාට ස්තුති කළා. අපි විශේෂයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැවැත්වුණ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, ආරක්ෂක ඇමැතිවරයා විදියට පසුගිය දිනක සහභාගී වුණා. මා විශ්වාස කරනවා ඒ විධායක ජනාධිපතිවරයෙක් විදියට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කාරක සභාවට පැමිණීම හරහා මේ රටේ ඉදිරියේදීත් මේ විධායක ජනාධිපති ධුරය අහෝසි වුණේ නැත්නම් ඉදිරියේදීත් පත්වෙන විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට කැඳවීමට සහ ඒ අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාවට හෝ ඕනෑම කාරක සභාවකට පැමිණිය යුතුයි කියන නියමය එතුමා අපිට හඳුන්වා දුන්නා. ඒකට අපි ස්තුති කළා.

ඒ වගේම මම එතුමාට ස්තුති කළා. විශේෂයෙන් මම තේරීම් කාරක සභාවේදී එතුමාගෙන් ඇහුවා ඔබතුමා 2015දී ජනාධිපතිවරණයේදී දුන්න පොරොන්දු අනුව විධායකට අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ අවසන් අවස්ථාව. කැබිනට් මණ්ඩලය රැස් කිරීම ගැන එතුමාට ස්තුති කළා. පසුව මම එතුමාගේ කාමරයට ගිහිල්ලා කතා කළා. මම පෞද්ගලිකව ස්තුතිවන්ත වුනා. 1993 ශිෂ්‍ය ව්‍යාපාරයේ දේශපාලනය කරන කාලයේ අපි පටන් ගත්තා මේ විධායකය අහෝසි කළ යුතුයි කියන සටන් පාඨය. එදා සිට අද දක්වා අවුරුදු 25කට අධික කාලයක්, ශත වර්ෂ කාලකට අධික කාලයක් අපි මේ සටන් පාඨය තුළ ඉන්නවා.

ඒ නිසා ඒ සම්බන්ධයෙන් එතුමා ගනු ලැබූ උත්සාහයට මම ස්තුතිවන්ත වුනා. එතුමා පැහැදිලිව ප්‍රකාශ කරපු දෙයක් තමයි අපරාදේ අපිට මේක කර ගන්න බැරිව ගියා කියන දේ. මම විශ්වාස කරනවා ජනාධිපතිවරයාට සැබෑ වුවමනාවක් තිබුණා ඊයේ කැබිනට් මණ්ඩලයේ මෙය ඉදිරිපත් කර විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුව තුළ අවම වශයෙන් කැබිනට් මණ්ඩලයෙන් පස්සේ පාර්ලිමේන්තුව තුළ වි‍ශේෂ සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඒක පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයේ තිබෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ මේක සාකච්ඡාවට භාජනය කර මේක සම්මත කර ගන්න කියන අවංක වුවමනාව තිබෙනවා කියලයි මම විශ්වාස කරන්නේ.

ඒනිසා මේ අවංක වුවමනාව සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පැහැදිලිවම අපිට ප්‍රකාශ කළේ කැබිනට් මණ්ඩලය හරහා ආණ්ඩුව සැබෑ වුවමනාව පෙන්වනවානම් මේ ජනාධිපතිවරණයට කලින් වුවත් මේ පාර්ලිමේන්තුව තුළ කරන දේ අපිට පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට වුවමනා නම් ජනාධිපතිවරණයෙන් පස්සේ හෝ පෙර හෝ විධායකය අහෝසි කරන කතාව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂයකයන් හරි එය අවංකවම මේ දේ කරනවායි කියන සහතිකය ලබා දෙන කතාව තමයි පාර්ලිමේන්තුවේ පසුගිය දවස් වල සාකච්ඡා වුනේ.

මේ සාකච්ඡාවලට ප්‍රවිශ්ටය හැටියට අපි දන්නවා 2019 ජනවාරි 11 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අලුතෙන් යෝජනා. මේ අලුතෙන් යෝජනාවල ප්‍රධාන කාරණා තුනක් තිබුණා. එකක් තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරීම, දෙවෙනි කාරණය බලය බෙදා හැරීම සම්බන්ධයෙන් මහජනතාවගේ ප්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් වූ කතිකාවත සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම. මේ කාරණාවලට අදාළ සාකච්ඡාව තමයි ජනවාරි ඉදන් දිගටම සිද්ධ වුනේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();