Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජි 20 සමුළුව හෙට

ජි 20 සමුළුව හෙට (27) ආරම්භ වේ. ඒ ජපානයේ ඔසාකාහිදී ය.
 
එහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
 
මේ වනවිටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු නායකයන් ජපානයට ළඟා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. සමුළුවට සමගාමීව ද්විපාර්ශවික සාකච්ඡා රැසක් පැවැත්වේ. 
 
ඉන්දීය අගමැතිවරයා චීන, රුසියා සහ අමෙරිකා ජනාධිපතිවරුන් සමඟ සාකච්ඡා කිරිමට කටයුතු යොදා තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ද්විපාර්ශවික සාකච්ඡා 08කට එක්වේ. ඒ අතර චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ ද අදහස් හුවමාරු කර ගන්නා බව ධවල මන්දිරය ප‍්‍රකාශ කළේය. මුලික අවධානය යොමු වන්නේ වෙළඳ කටයුතු පිළිබඳවය. 
 
ජී 20 කණ්ඩායමට අමෙරිකාව, චීනය, ජපානය, ඉන්දියාව, ප‍්‍රංශය, ජර්මනිය, රුසියාව, බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් ඇතුළත් වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();