රක්වාන පොලිස් වසමේ පොතුපිටිය ප්‍රදේශයේ පාසැලක ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් අතරතුර පස් කණ්ඩියක් කඩාවැටීමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
අද(27) උදෑසන 09.15ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
තවත් දෙදෙනෙකුත් මෙම අනතුරට ලක්ව ඇති අතර , ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා අත්තිවාරම කපමින් සිටියදී ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ. අනතුරින් තුවාල ලැබූ දෙදෙනා පොතුපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.
0 Comments