Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කරාපිටිය රෝහලේ සිදු කෙරුන විස්මිත සැත්කම මෙන්න. [PHOTOS]


උරස් කුහරයේ හා උදර කුහරයේ මහාධමනිය සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වි තිබු පුද්ගලයෙකුට විස්මිත සැත්කමක් සිදුකොට එම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි හා අවයව බද්ධ කිරිම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

හැත්තැ හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයාගේ උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය මහා ප්‍රාචිරය හරහා සෙන්ටිමටිර් හතක් පමණ ප්‍රසාරණය වි තිබුණි.

මෙකි නහරය පුපුරායාමට ලක්වුවා මෙම පුද්ගලයා අනිවාර්යෙන්ම මියයන බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි. මෙය ඉතා අවදානම් සැත්කමක් බව පවසන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා මෙවැනි සැත්කමක් දකුණු පළාතේ රෝහලක සිදු කළ පළමු අවස්ථාව බවද පෙන්වා දෙයි.

ලංකාවේ සිදුකොට ඇති මෙවැනි සැත්කම් අතුරින් සාර්ථක වී ඇත්තේ සැත්කම් කිහිපයක් පමණක් බවද විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා පවසයි.

මෙම ශල්‍යකර්මය සඳහා පැය හයක පමණ කාලයක් ගතවි ඇත. ශල්‍යකර්මයට භාජනය කළ රෝගිය ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර ප්‍රසාරණ වි තිබු මහා ධමනිය විවෘත කොට ඉතා සියුම් අයුරින් මෙම සැත්කම සිදුකොට තිබේ.

“හෘදය වස්තුවෙන් පටන් අරන් අත්වලට හා මොළයට රුධිරය සපයන ප්‍රධාන ධමනියක් තමයි මහා ධමනිය. මේ ධමනිය උරස්කුහරය හරහා උදර කුහරයට එනවා. මේ ධමනියෙන් තමයි අක්මාවට, ප්ලිහාවට අමාශයට හා ඉතුරු කොටස්වලට රුධිරය සපයන්නේ.

ඊටපසු නහර හරහා මහා බඩවැල් හා වකුගඩුවලට ලේ සපයනවා පසුව තමයි පාදවලට බේදෙන්නේ. ඔය අයුරින් තමයි මහා ධමනියෙන් රුධිරය සපයන්නේ.

මෙකි පුද්ගලයාගේ උරස්කුහරයේ හා උදර කුහරයේ මහාධමනිය ප්‍රසාරණය වෙලා තිබුණා මහා ප්‍රාචිරය හරහා. අනිකුත් නහරත් සමග. ප්‍රසාරණය වී තිබූ මහා ධමනිය විවෘත කරලා එහි බද්ධ කිරිමක් සිදු කළා. පසුව සුසුම්නාවට යන නහර බද්ධ කළා බඩවැල්වලට යන නහර බද්ධ කළා.විනෝ විනස් බයිපාස් සැත්කමක්ද කළා. ඒ සඳහා හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ ශල්‍ය වෛද්‍ය ට්‍රෝලුෂා හරිස්චන්ද්‍ර මහත්මිය හා රිචඩි පර්මින් වෛද්‍යතුමාත් උදව් කළා” 

මෙම සැත්කම සඳහා නිර්වින්දන වෛද්‍ය ගිහාන් පියසිරි මහතා ඇතුඵ රුධිර වාහිනි හා අවයව බද්ධ කිරිමේ ඒකකයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සහයෝගය මේ සදහා හිමිවි තිබේ.

ජිනේෂ් නානායක්කාර




Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();