Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තඹ කම්හලේ සේවකයන් ත්‍රස්ත ක්‍රියාවලට හවුල්

සිරන්ජනි කුමාරි, රිද්මි අමෝදා

අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත සිටින වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී ඇතැයි ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව මෙම සිද්ධියේ විමර්ශන කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ධාසය වෙත බාර දුන් බවට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළ ත්‍රස්ත ඒකකය දැනටමත් ඇප මත සිටින මෙම සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති බවත්, ත්‍රස්ත විමර්ශන ඒකකය හමුවේ සැකකරුවන් 9දෙනාට ඉදිරි සතිය ඇතුළත ප්‍රකාශ ලබාදීම සඳහා පෙනී සිටින ලෙසට නියෝග නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දසවන සැකකරු වන කරුපයියා රාජෙන්ද්‍රන් නොහොත් අබ්දුල්ලා නැමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බව පවසන ත්‍රස්ත ඒකකය ඉතිරි සැකකරුවන්ගේ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව අනාවරණය වී ඇති කරුණු තහවුරු කිරීමෙන් පසු ඔවුන් අදාළ පනතින් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලීසිය අධිකරණයට දැන්වීය.

ඉකුත් 23වන දින අධිකරණය නිකුත් කළ නොතිසිවලට අනුව සැකකරුවන් නවදෙනා ඊයේ (27) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (2) වගන්තිය ය‍ටතේ ක්‍රියා කරන බවට මීට පෙර අධිකරණයට කරුණු දක්වා ඇත්තේ දසවන සැකකරුට පමණක් බවටත් ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වා අන්තවාදී මත සිවිල් ජනතාව ප්‍රචාරය කරමින් ත්‍රස්තවාදීන්ට ආධාර අනුබල ලබා දිය හැකි බව පවසමින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කර ඇති බවට මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළ අතර, මීට පෙර අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ මේ බවක් සඳහන් නොවුණ බවට හෙතෙම පවසා සිටියේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතිඥයන් පවසා සිටියේ විමර්ශන සඳහා තමන් සහායවීමට සුදානම් බවය.

පැය භාගයකට ආසන්න කාලයක් නඩු වාර්තා අධ්‍යයනය කළ මහේස්ත්‍රාත්වරයා එකින්එක නි‍යෝග නිකුත් කරනු දක්නට ලැබිණි.

ඒ අනුව පළමු හා දෙවන සැකකරුවන් වන සෙයියදු අලි මොහොමඩ් මොහොමදු අරියර් මොහොමදු හෙට දිනයේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනි සිටින ලෙසත්, තෙවන හා හතරවන සැකකරුවන් වන මොහොමඩ් අක්‍රම් සජි, සාලිම් පකිර් යන අයට ලබන 29 ද, පස්වන හා හයවන සැකකරුවන් වන මොහෙමඩ් නිශා, මොමොහඩ් කුරේ ලබන 30 ද , හත්වන හා අටවන සැකකරුවන් වන මොහෙමඩ් කුරේ හා ගොවින්ද සාමි යනඅයට ලබන 31 හා නවවන සැකකරුට ලබන 1 වන දින ත්‍රස්ත ඒකකයේ පෙනී සිට ප්‍රකාශ ලබාදීමට අධිකරණය නියම කරමින් නඩුව යළි කැදවීම ලබන 10වන දිනට කල් තැබිණි.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();