Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වෙයි- මාධ්‍යයටත් විවෘතයි

අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (29) පෙ.ව.8.00ට පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍යයට ආවරණය කිරීමට සඳහා විවෘත වන පළමු අවස්ථාව ද මෙය වෙයි. ඒ අනුව හෙට පැවැත්වෙන කාරක සභාව ආවරණය කිරීමට ජනමාධ්‍යයට ඉඩ සළසා දී ඇත.

2019 අප්‍රේල් 21 වැනි දින ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව 2019.05.22 දින පත්කරන ලදී. නියෝජ්‍ය කථානායක, ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මෙහි සභාපතිත්වය දරයි.

සිදුවීම සම්බන්ධයෙන් මහජනතාවට ද තොරතුරු මෙම කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව සළසා ඇත.මේ සඳහා යොමු කෙරෙන ලිඛිත නියෝජන කාරක සභාවේ ලේකම්වරයා වෙත ජූනිමස 07 දිනහෝ ඊට පෙර යොමු කළ හැකිය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව සඳහා සෞඛ්‍ය දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ජනතා විමුක්ති‍ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද පත් කළ බව කතානායක කරූ ජයසූරිය මහතා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.

ඒ වනවිට කාරකසභාව වෙත පත් කර සිටි පා‍ර්ලිමේන්තු මන්ත්‍රී කා‍වින්ද ජයවර්ධන මහතා එම කාරක සභාවෙන් ඉවත්වීම හේතුවෙන් මෙම පත් කිරීම් සිදු කර තිබිණි.

ඒ අනුව විශේෂ කාරක සභාව සඳහා මීට අමතව අමාත්‍ය රාවුෆ් හකීම් මහතා,අමාත්‍ය රවී කරුණානායක මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා,මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පත් කර ඇත.

 

The post පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වෙයි- මාධ්‍යයටත් විවෘතයි appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();