Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දෙවන පුහුණු තරගයෙනුත් ශ්‍රී ලංකාවට පරාජයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඊයේ (27) පැවැති පුහුණු තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව ලබා ගත්තේ පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 239ක් පමණි. ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ළහිරු තිරිමාන්න පන්දු 69කදී ලකුණු 56ක් ලබා ගත් අතර පසුබැස්මකට ලක් වූ ශ්‍රී ලංකා ඉනිමට සවියක් ගෙන ආ ධනංජය ද සිල්වා පන්දු 41කදී ලකුණු 43ක් ලබා ගත්තේය.

ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 44.5කදී කඩුලු පහක් දැවී ජයග්‍රාහී ඉලක්කය ජයගත් අතර උස්මන් කවාජා ලකුණු 89ක් ලබා ගත්තේය.

පන්දු යැවීමේදි ජෙෆ්‍රී වැන්ඩර්සේ කඩුලු දෙකක් ලබා ගත් අතර මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා හා නුවන් ප්‍රදීප් අතර කඩුල්ල බැගින් ලබා ගත්තේය.

The post දෙවන පුහුණු තරගයෙනුත් ශ්‍රී ලංකාවට පරාජයක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();