Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ ජාලා අවභාවිත කරන්නන්ට නීතිය තදින්ම ක්‍රියාවට නංවනවා

සමාජ ජාලා භාවිතයේදී අතීතයේ වූ සිදුවීම් වර්තමාන සිදුවීම් ලෙස මුදා හරිමින් ජාතික අසමගිය ඇති කිරීමට උත්සාහ ගන්නා අයට එරෙහිව නීතිය කියාත්මක කිරීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා

සමාජජාලා මාධ්‍ය පරිහරණයේදී දැඩි අවධානයෙන් භාවිත කරන්න කියා ඉල්ලා සිටිනවා. ඉතා පැරණි සිදුවීම් වර්තමානයේ සිදුවුණා යැයි හුවා දක්වමින් සමාජ ජාලා වෙත මුදා හරින සිද්ධීන් කිහිපයක් වාර්තා වී තිබෙනවා. මෙයින් ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ අදහසින් සිදු කරනවා ඒවා. ඒ නිසා මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න.

බදුරලිය දික්හේනපුර පාසලක් අසල අත් බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන විමර්ශන සිදු කෙරනවා. එම විමර්ශන කටයුතුවලදී සකකරුගේ සොහොයුරකුවන පුෂ්පකුමාර නමැත්තකු අත්අඩංගුවට ගෙන තිබෙනවා වෙඩි බෙහෙත් ග්‍රෑම් 900ක් සමඟ අත්අඩංගුවට ගෙත තිබෙනවා. ඔහු මැයි 31 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මීගමුව අගුරුකාරමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක් කළා. එම නිවසේ තිබී කල් ඉකුත් වූ රූපලාවන්‍ය ආලේපන රැසක් තිබුණා. ඒවා අළුත් දින දමා රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගැනීමට සකස් කරමින් සිටියදී දෙදෙනකු අත්අඩංගුවටගත්තා. ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කොමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා

ඉන්දීය මාධ්‍ය වාර්තා කළා ත්‍රස්තවාදීන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණෙනවා කියා. මෙය තහවුරු කරනොගත් තොරතුරක් ලෙස සලකා අපි නිරීක්ෂණ කරනවා. සියලුම නෞකාවලට අපි මේ තොරතුර ගැන දන්වා තිබෙනවා. තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නාවික හමුදාව පැය විසිහතර පුරාම තමන්ගේ මෙහෙයුම් කටයුතු කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මන්නාරමේ කේරළ ගංජා කිලෝ සියයක් අත්අඩංගුවට ගත්තා. උතුරු මුහුදේ මෙහෙයුම් කටයුතු කළා. මුහුදු සැතපුම් 755ක් දුරින් හිටි ඕස්ට්‍රේලියාව බලා ගමන් ගත් මගී නෞකාවක් අවේෂණය කිරීමට අපට හැකිවුණා. අපි සියලු තොරතුරු පිළිබඳ හොඳ අවධානයකින් සිටිනවා. අපේ මෙහෙයුම් සක්‍රියව ක්‍රියාත්මක වෙනවා.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();