Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨා ඇමෙරිකානු බළල් අතක්?

පෙරේදා (27) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක් වැනි පාර්ශ්ව එක්ව බරපතළ සැකසංකා මතු කරන දේශපාලන ප්‍රවණතාවක් ඇති කරමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

එහි දී අදහස් දැක්වූ පා.ම. වාසුදේව පාස්කු ප්‍රහාරයෙන් පසුව ජන සමාජයේ ඇති වූ කඩාවැටීම හරහා ‘තවදුරටත් දේශපාලනඥයන් එපා, පාර්ලිමේන්තුව එපා, මැතිවරණ එපා, පක්ෂ දේශපාලනය එපා’ වැනි මනෝභාවයක් නිර්මාණය වූ බවත් මේ වන විට එම මනෝභාවය දේශපාලන ප්‍රවණතාවක් බවට පත් කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත්ව ඇති බව පෙන්වා දුන්නේය.

හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඉතා සූක්ෂ්මව එක්සත් ජාතික පෙරමුණ නිර්මාණය කල පාට – පක්ෂ භේද එපා කියන සටන් පාඨය අධිරාජ්‍යවාදීන්ගේ බල වුවමනාව වෙනුවෙන් පෝෂණය කරන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම දේශපාලන ව්‍යාපෘතිය තුල හිටපු ආරක්ෂක ලේකම් සහ 2020 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු ඇමෙරිකානු තානාපති රොබට් ඕ. බ්ලේක්ද සිටින බව වාසුදේව නානායක්කාර මහතා මෙහිදී සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව ලංකාවට පැමිණි රොබට් ඕ. බ්ලේක්, කොළඹ පැවැත්වූ දේශනයක දී මතුව ඇති තත්ත්වයට විකල්පය ලෙස ‘ගෝඨාභය වැන්නෙකු නිර්දේශ කිරීම’ සහ රොබට් බ්ලේක්ගේ මෙරට සංචාරය සංවිධානය කළ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් ප්‍රතික්ෂේප කිරීමේ මතවාදය පෝෂණය කිරීම තුළ මේ සැකසහිත අධිරාජ්‍යවාදී බලවේගවල මැදිහත්වීම තහවුරු වන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

The post ගෝඨා ඇමෙරිකානු බළල් අතක්? appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();