Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විදේශ රැකියා සිහින මවා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු දැලේ

ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා මාතර, හක්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින්  දෙදෙනෙකුගෙන් රුපියල් දස ලක්ෂ පනස් දහසක මුදලක් වංචාකළ කාන්තාවක ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගොඩ, විහාර මාවත ප්‍රදේශයේ පදිංචි රාණි හේමන්ති නම් මෙම කාන්තාව 2019.05.16 දින අත්අඩංගුවට ගෙන හෝමාගම කම්කරු විනිශ්චය සභා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2019.05.30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එසේම ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් හාරලක්ෂ පනස් දහසක මුදලක් වංචාකළ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි චමිලා චතුරංගනී ජයවර්ධන නම් කාන්තාවකද විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් තම සැමියා ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සදහා සැකකාරියට මුදල් ලබාදී පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

අදාල සැකකාරිය 2019.05.16 දින බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ගම්පහ කම්කරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වරද  පිළිගෙන පැමිණිලිකරුවන්ගෙන් ලබාගත් මුදල් නැවත ලබාදෙන බවට පොරොන්දු වී තිබේ. ඒ හේතුවෙන් ඇය රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදාහැර ඇති අතර වැඩිදුර නඩු විභාගය 2019 මැයි 31 දින පැවැත්වීමට නියමිතය.

 කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනයක් වන අල් අකීම් ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ නම භාවිතා කරමින් බහරේනයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් එක් ලක්ෂ තිස් දහසක මුදලක් වංචාකළ මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සරිප් මොහොමඩ් රිස්වාන් නමැති පුද්ගලයෙකුද කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු අල් අකීම් ආයතනයේ ව්‍යාජ මුදල් කුවින්තාසිද යොදාගෙන මෙම ජාවාරම කරගෙන ගොස් ඇති අතර, සැකකරු 2019.05.16 දින අත්අඩංගුවට ගෙන බොරැල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

එමෙන්ම කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය කොළඹ 13, ශාන්ත බෙනඩික් මාවත ලිපිනයේ පදිංචි චන්ද්‍රකුමාර් ලෝගේෂ්වරන් නම් පුද්ගලයෙකුද කාර්යාංශයේ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබේ. එම අවස්ථාවේදී සැකකරු සතුව තිබූ වෙනත් පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 30ක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන ඇත. 2019.05.16 දින අත්අඩංගුවට ගත් මෙම සැකකරු මැයි මස 30 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

The post විදේශ රැකියා සිහින මවා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු දැලේ appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();