Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගයාන්ට ලෝක කුසලානයට යන්න ඩී.බී.එල්. අතහිත

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දිරිගැන්වීම සඳහා එංගලන්තයට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දිරිගන්වන්නා ලෙසින් සැලකෙන ගයාන් සේනානායකට අනුග්‍රාහකත්වය දැක්වීමට සී/ස ඩීන් සහෝදරයෝ ආනයනික පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ.

ඩී. බී. එල්. සන්නාම තානාපතිවරයා ලෙසින් ද කටයුතු කරන ගයාන්ට ගෙවී ගිය වසර 7 ක පමණ කාලයකට සිට අදාළ අනුග්‍රාහකත්වය එම ආයතනය විසින් ලබා දීමද කැපී පෙනෙයි. අනුග්‍රාහකත්වයට අදාළ චෙක්පත, ඩී. බී. එල්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කලමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය නජීබ් ඩීන් මහතා විසින් ගයාන් සේනානායකට පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ. එම අවස්ථාවට සහභාගිවූ ආයතන අධ්‍යක්ෂ ෆාමීන් නජීබ්, සාමාන්‍යාධිකාරී ඩී. ජයවීර, මූල්‍ය කලමනාකරු කෝසල කැටන්වල, ප්‍රධාන විගණන නිලධාරී තිලක් ජයවර්ධන, ව්‍යාපාර උපදේශක එම්. රහුමාන් සහ ගණකාධිකාරී සම්පත් ජයවර්ධන යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();